Home » Evolution Auto,Ather Energy සමඟ එක්වී Ather’s 450 Series ඉලෙක්ට්‍රික් ස්කූටර් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Evolution Auto,Ather Energy සමඟ එක්වී Ather’s 450 Series ඉලෙක්ට්‍රික් ස්කූටර් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

by damith
October 12, 2024 1:17 am 0 comment

ලොව ප්‍රමුඛපෙළේ සමාගම් කිහිපයක් වන සෙන්සේ කැපිටල් පාට්නර්ස්, සිනෝ ලංකා ප්‍රයිවෙට් ලිමිටඩ් සහ ඇට්මන් ගෲප්, එකමුතුවෙන් හා ව්‍යාපාරික ශක්තියෙන් Evolution Auto ශ්‍රී ලංකාවේ ස්ථාපිත වේ. Evolution Auto සමඟ ඉන්දියාවේ ප්‍රධානතම ඉලෙක්ට්‍රික් ස්කූටර් නිෂ්පාදන සමාගමක් වන Ather Energy අතර ගොඩනඟා ගත් ව්‍යාපාරික සහයෝගිතාව මත වඩාත් පරිසර හිතකාමී වියදම් අවම ගමනාගමන විසඳුම ලෙස Ather’s 450 Series ඉලෙක්ට්‍රික් ස්කූටරය මෙරට ස්කූටර්ලෝලීන් වෙත අභිමානයෙන් පිරිනැමෙයි. Atherහි මෙරට වරලත් නියෝජිතයා ලෙස Evolution Auto සනිටුහන් කළ මේ නව සන්ධිස්ථානය තිරසාරකත්වයෙන් ජාතික ඉලක්ක හා අරමුණු ජයග්‍රහණය කරගැනීමේ අභිලාෂයට මහත් පිටුවහලක් බව කාගේත් පිළිගැනීම වී ඇත.

නවීන තාක්‍ෂණය හා ක්‍රියාකාරීත්වය, කාලයේ තාලයට ගැළපෙන ආකර්ෂණීය පෙනුම, නවීන උපාංග හා සෙසු සියලු විශේෂාංග මෙම Ather 450 Series ස්කූටර් මාදිලිය සතු වේ. විනාඩි 60ක රැපිඩ් චාර්ජ් වාරයකින් බැටරිය 80%ක් ආරෝපණය වන අතර ස්කූටරය පැයට කිලෝමීටර් 90ක උපරිම වේගයකින් ධාවනය කළ හැකිය. මෙම Ather 450 Series මාදිලියේ ඇතුළත් අනෙකුත් විශේෂාංග ලෙස අධිබලැති මෝටරය, රැපිඩ් ඇක්සලරේෂන් හැකියාව, ඉන්ටෙලිජන්ට් ඩෑෂ් බෝඩ්, රියල් ටයිම් ඩයග්නොස්ටික් හා නැවිගේෂන් පහසුකම, සීට් එක යට අමතර වැඩි ඉඩ පහසුව, රිජෙනරේටිව් බ්රේක් ආදිය කැපී පෙනේ.

මෙම නව ව්‍යාපාරික සුසංයෝගය හා එමඟින් අප රටට අත්පත් කරගත හැකි ජයග්‍රහන ගැන අදහස් දක්වමින් Evolution Autoහි සාමාන්‍යාධිකාරි සහරාන් සියාවුදීන් මහතා කියා සිටියේ Ather සන්නාමයේ දේශීය නියෝජිතයා වෙමින් ලොව ප්‍රකට ඉලෙක්ට්‍රික් ස්කූටර් සන්නාමයක මෙරට නියෝජිතයා වීම Evolution Auto ලැබූ භාග්‍යයක් වන බවයි. පරිසර හිතකාමී අඩු වියදම් ප්‍රවාහන මාධ්‍යයක් අගයන මෙරට සහෘද හිතවතුන්ට රටේ මංමාවත් වලට ගැළපෙන හැඩ වැඩි, වැඩට සරිලන ස්මාර්ට් ප්‍රවාහන විසඳුමක් සැපයීමේ වගකීමේ හවුල්කරුවෙකු වීම සතුටට කරුණක් වන අතරම, දේශීය මෝටර් වාහන වෙ‍ෙළඳපොළ තුළ නැවුම් වෙනසක් හා තිරසාරකත්වයේ අද්විතීය පෙරළියක් ඇති කිරීමට මෙම නවතම හඳුන්වාදීම ඉවහල් වනු ඇතිබවට ඒ මහතා විශ්වාසය පළකළේය.

Ather Energyහා Evolution Auto අත්වැල් බැඳගැනීමත් ඒ හරහා මෙරට වෙ‍ෙළඳපොළට ඉදිරිපත් වන Ather 450series පිළිබඳවත් අදහස් දක්වමින් Ather Energyහි ප්‍රධාන විකිණුම් නිලධාරි රව්නීත් සිං පෝකෙලා මහතා මෙසේ පැවසීය.

“ඉන්දියාවේ ප්‍රධානතම ඉලෙක්ට්‍රික් ස්කූටර් නිපදවන්නා වන Ather Energy සමාගම ශ්‍රී ලංකාවේ Evolution Auto සමඟ අත්වැල් බැඳගැනීම අපේ විශාල ජයග්‍රහණයක්. ඒ අනුව ශ්‍රී ලංකාවේ රථවාහන වෙ‍ෙළඳපොළ නව මානයකට යොමු කරන ඉලෙක්ට්‍රික් ස්කූටර් අත්දැකීම මෙරට ස්කූටර්ලෝලීන්ට විවර වෙනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT