Sterling Steels Limited යනු BlueScope Lysaght Lanka (Pvt) Ltd, E.B. Creasy & Co. PLC විසින් අත්පත් කර ගැනීමෙන් පසු අලුතින් නම් කරන ලද ආයතනයක් වන අතර, එය ITC රත්නදීපහිදී අති උත්කර්ෂවත් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි. ශ්‍රී ලංකාවේ අංක 1 ගුණාත්මක වානේ සෙවිලි විසඳුම් සන්නාමය ලෙස සමාගමේ නවතම සෙවිලි තහඩු සන්නාමය වන ‘Sterling Ultra’ එළිදැක්වීම ද මෙම උත්සවයේදී සිදු විය. TATA BlueScope Steels සන්නාමය ශ්‍රී ලංකාවට ගෙන්වීමේ හා බෙදා හැරීමේ එකම නියෝජිතයා වන Sterling Steels Limited, එම නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ විශිෂ්ටත්වය රැකගැනීම වෙනුවෙන් නිරන්තරයෙන් කැපවන බව ද සඳහන් කළ යුතුමය.
Sterling Steels Limited සිය ආයතනික නාමය හා ප්‍රමුඛතම සන්නාමය එළිදැක්වීමේ අවස්ථාවට සමගාමීව, මීළඟ පරම්පරාවේ අවශ්‍යතාවලට සරිලන නවතම අති විශිෂ්ට නිෂ්පාදනයක් ලෙස හඳුන්වා දිය හැකි ‘MaxSeamTM 470’ සෙවිලි පද්ධතිය හඳුන්වා දීමට කටයුතු කළ අතර, 360° seam locked සෙවිලි පද්ධතියක් ශ්‍රී ලාංකේය වෙළෙඳපොළ වෙත හඳුන්වා දුන් ප්‍රථම අවස්ථාව ද මෙයයි. මෙම අවස්ථාවට මෙරට ප්‍රමුඛපෙළේ ආයතනවල ඉහළ කළමනාකාරිත්වයේ නිලධාරීන්, කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉංජිනේරුවන් ඇතුළු ගෞරවනීය අමුත්තෝ රැසක් එක්වූහ.
මේ පිළිබඳව අදහස් දක්වමින් E.B. Creasy & Co. PLC හි කළමනාකාර අධ්‍යක්ෂ සංජීව් රාජරත්නම් මහතා ප්‍රකාශ කළේ, “BlueScope Lysaght Lanka (Pvt) Ltd, Sterling Steels Limited බවට පත් වීම, LysaghtR සන්නාමය වෙනුවට Sterling Ultra සන්නාමය හඳුන්වා දීම මෙන්ම E.B. Creasy & Co. PLC යටතේ ‘MaxSeamTM 470’ නිෂ්පාදනය හඳුන්වා දීම, ශ්‍රී ලාංකේය පාරිභෝගික ජනතාව වෙත ජාත්‍යන්තර මට්ටමේ සෙවිලි නිෂ්පාදන හඳුන්වා දීම වෙනුවෙන් අපගේ කැපවීම පෙන්නුම් කරනවා. අපගේ දීර්ඝකාලීන සහ පුළුල් අත්දැකීම්, නව්‍යකරණයෙන් යුත් නිෂ්පාදන කලඹ සහ ගුණාත්මකභාවය රැකගැනීම සඳහා සමාගමේ නොසැලෙන කැපවීම සමඟින්, සෙවිලි තහඩු හා ඒ ආශ්‍රිත උපාංග නිෂ්පාදන කර්මාන්තයේ නව ප්‍රමිතීන් සැකසීමට අපි නිරන්තරයෙන් කටයුතු කරනවා. අපගේ අනන්‍යතාව රැකගනිමින් ශ්‍රී ලාංකේය වෙළෙඳපොළේ වර්ධනයට සහයෝගය දැක්වීමට හැකිවීම අපට ලොකු ආඩම්බරයක්.”යනුවෙනි.