Monday, April 21, 2025
Home » අයහපත් කාළගුණයෙන් පීඩාවට පත්වූවන්ට සහන සලසන්න යුද හමුදාව සූදානම්

අයහපත් කාළගුණයෙන් පීඩාවට පත්වූවන්ට සහන සලසන්න යුද හමුදාව සූදානම්

by chanaka
October 12, 2024 1:20 pm 0 comment

පවතින අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයකදී පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීමට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා විසින් 1 බලකායේ බලකාධිපති හා සියලුම ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන් වෙත දැනුම් දී තිබේ.

ඒ අනුව ආපදා කළමණාකරන කටයුතුවලදී අදාළ වගකිව යුතු ආයතන වෙත පූර්ණ සහයෝගය ලබාදීමට ඕනෑම අවස්ථාවකදී සහභාගී වීම සඳහා භටපිරිස් සූදානම් කරන ලෙසද හමුදාපතිවරයා උපදෙස් දී ඇත.

පසුගිය දිනවල ඇති වූ අයහපත් කාලගුණය හේතුවෙන් දියවන්නා ඔයේ ජල මට්ටම ඉහළ යාමෙන් පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ වැලිකොට්ට අතුරා ගං වතුර අවධානමෙන් මුදවාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භටපිරිස් කටයුතු කර ඇති බවද සඳහන්වේ.

එසේම, ජල මට්ටම ඉහළ යාම නිසා කැඩී යාමේ අවධානමකට ලක්වූ පන්නල ජයවඩන වැවේ වැව් බැම්ම වැලි කොට්ට යොදා ආරක්‍ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භටපිරිස් යොමුකර තිබේ.

කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවධානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට සහ කැළණිමුල්ල කොහිලවත්ත ප්‍රදේශයේ තවත් ඇළ මාර්ගයකට වැලි කොට්ට අතුරා ගංවතුර අවධානම අවම කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා හමුදවේ භටපිරිස් කටයුතු කර ඇති බවද වැඩිදුරටත් සඳහන් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT