Home » කඩුවෙල, වැලිපැන්න අධිවේගී පිවිසුම් ගැන පොලීසියෙන් දැනුම් දීමක්

කඩුවෙල, වැලිපැන්න අධිවේගී පිවිසුම් ගැන පොලීසියෙන් දැනුම් දීමක්

by chanaka
October 12, 2024 11:49 am 0 comment

පවතින අධික වර්ෂාව හේතුවෙන් කැළණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් ඇතිවී ඇති ගංවතුර තත්ත්වය මත කඩවත දෙසින් අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙන වාහන කඩුවෙලින් පිටවීම සම්පූර්ණයෙන් නවතා දමා තිබේ.

කඩුවෙලින් කඩවත දෙසට පිවිසෙන බර වාහන සඳහා පමණක් අවසර ලබාදී ඇති අතර සැහැල්ලු වාහන සඳහා අවසර ලබාදී නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

වැලිපැන්න අන්තර් හුවමාරුවේ ගංවතුර තත්ත්වය පහව යාම හේතුවෙන් එහි රථවාහන ගමනාගමනය යථා තත්ත්වයට පත්කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT