රාවතාවත්ත මෙතෝදිස්ත සහ රෝමානු කතෝලික විදුහල් අතර පළමු මොරටුව මෙත්‍රොම්ස් සටන ක්‍රිකට් තරගය හෙට (12) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මේ තරගයේදී මෙතෝදිස්ත විදුහල් පිල හේසර අංජනගේ නායකත්වයෙන් සහ මලිතු දුල්නෙත්ගේ උපනායකත්වයෙන් තරග බිමට පිවිසෙන අතර, රෝමානු කතෝලික විදුහල් පිලේ නායකයා ලෙස සත්සර පවන් සහ උපනායකයා ලෙස ඕෂද පෙරේරා කටයුතු කරති. මොතෝදිස්ත විදුහලේ විදුහල්පතිනි ඩී.එම්.ඒ. අවන්ති දෙමටගොඩ සහ රෝමානු කතෝලික විදුහල් විදුහල්පතිනි තිලානි ධර්මප්‍රිය මහත්මීන්ගේ සංකල්පයක් මත පළමු වරට පැවැත්වෙන මේ තරගය දෙවිදුහල්හි ගුරුමණ්ඩලය, සිසු දරුවන් සහ මවුපියන්ගේ සහයෝගයෙන් සංවිධාන කෙරේ.

රෝමානු කතෝලික විදුහල් කණ්ඩායම: ඉදිරි පෙළ (වමේ සිට) – සිතඟ රම්සිත්, සතිර ද මැල් (පුහුණුකරු), ටී. ඉන්ද්‍රාණි (ක්‍රීඩා භාර ආචාර්ය), ඕෂද පෙරේරා (උපනායක), තිලානි ධර්මප්‍රිය මිය (විදහල්පතිනි), සත්සර පවන් (නායක), චින්තක රොහාන් (ක්‍රිකට් භාර ආචාර්ය), සම්පත් ධර්මසිරි (පුහුණුකරු), කපිල නිශාන්ත (පුහුණුකරු) අදීශ ඉල්ෂාන්, පසු පෙළ – නෙතූෂ් සඳමිත, හිරුෂාන් මීගොඩ, ටෙෂාන් දිනුෂ්ක, ෂෙවෝන් නිලේෂ, ඇන්ඩෘ ක්‍රිෂෝන්. නවින් සෙනුර, ආකාෂ් මයික්, ෂලෝම් ගේබ්‍රියල්, චතුක ඉඳුවර, තරූන් නේත්‍ර, ගිම්හාන් සඳරුවන්, ශෙමිර ලිඳුසර, ජුබාලන් ශ්‍රීනාත්, හසිත කල්හාර.