ව්‍යාපාරයකට යැයි පවසමින් බිරිඳ හා එක්ව පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ විසිතුනක මුදලක් ලබාගෙන එම මුදල ආපසු නොදී වංචා කිරීමේ චෝදනාව මත සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් සිලනී පෙරේරා මහත්මිය විසින් ඔක්තෝබර් මස 18 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කළාය.
සැකකරු හා ඔහුගේ බිරිඳ විසින් ඉහත කී මුදල ලබාගෙන ඇති අතර පසුව එම මුදල ආපසු නොදීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව විදේශගතව සිට ආපසු එන ගමනේදී කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය විසින් බිරිඳ අත්අඩංගුවට ගෙන ගම්පහ පොලිසියට භාරදීමෙන් අනතුරුව අධිකරණය මඟින් ඇයව ඇප මත මුදාහැර තිබිණ. වේයන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් කළගෙඩිහේන ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන සැකකරු මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කෙරිණ.