62
කතෝලික සභාවේ නිර්මල මරිය නිකායේ ගරු පියතුමන්ලා විසින් සංවිධානය කරන ලද අන්තර් කිතුනු ආගමික සංහිඳියා වැඩසටහනක් මග්ගොන සාන්ත විසෙන්ති ආයතනයේදී පවත්වන ලදි.
මග්ගොන සාන්ත විසෙන්ති මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ගරු ජූඩ් සපරමාදු පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහන සඳහා ලංකා බැප්ටිස්ට් සංගමය, මෙතෝදිස්ත සභාව, ගැලවීමේ හමුදාව හා ලංකා සහාව නියෝජනය කරමින් දේවගැතිතුමන්ලා සහ කතෝලික සභාවේ ගරු පියතුමන්ලා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මග්ගොන ජාතික කල්වාරි පුදබිමේ සංවර්ධන කමිටු ලේකම් හේමාල් පෙරේරා මහතා විසින් මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරන ලදි.