කඩුවෙල මහ නගර සභාවට අයත් මාර්ගයක් වන බෝමිරිය කිරිපට්ටිය පාර, බෝක්කුවක් අසලින් ගිලා බැස තිබේ. දිනකට විශාල පිරිසක් පා ගමනින්ද, තවත් විශාල පිරිසක් වාහන මඟින් ද මෙම මාර්ගය හරහා ගමන් කරති. මෙම මාර්ගය ගිලා බැස මාසයකටත් වඩා වැඩි කාලයක් ගෙවී ගොස් ඇතත් මාර්ගය ප්‍රතිසංස්කරණය සඳහා කිසිදු වැඩපිළිවෙළක් මෙතෙක් ක්‍රියාත්මක කොට නොමැත. ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා මෙන්ම නාගරික කොමසාරිස්වරියද මේ සම්බන්ධෙයන් දැනුම්වත් කොට ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් ප්‍රමාද වුවහොත් අසල ඇති ඇළ මාර්ගයට මාර්ගය සේදී යාමක් සිදුවිය හැකිය. මේ වනවිටත් රාත්‍රී කාලයේ යතුරුපැදි සහ ත්‍රිරෝද රථ අනතුරුද මෙම ස්ථානයේ සිදුවී තිබේ.
කිරිපට්ටිය පාරේ බෝක්කුවක් ගිලා බැහැලා
නිලධාරීන්ට ගානක් නැහැ
by mahesh
October 11, 2024 1:00 am
0 comment
නවගමුව සමූහ සුගත් ප්‍රේමතිලක
41
මීලඟ පුවත