92
ජාතික ජන බලවේගයේ ජා ඇළ මැතිවරණ කොට්ඨාසයේ උතුරු නිවන්දම හා දකුණු නිවන්දම කොට්ඨාස සංවිධාන හා ගොවි සංවිධාන මෙන්ම ප්‍රදේශයේ ජනතාව එක්ව සංවිධානය කළ මහා ශ්‍රමදානයක් පසුගියදා නිවන්දම මංසන්ධියේ දී පැවැත්විය. මෙම ශ්‍රමදානය මඟින් නිවන්දම මංසන්ධියේ සිට මාකෙවිට දක්වා කිලෝ මීටර් 02ක් පමණ දුරක මාර්ගය දෙපස එළිපෙහෙළි කිරීම සිදු වූ අතර ඒ සඳහා සියලුම පක්ෂවල ජනතාව සහභාගි වී සිටියහ.
මෙම කාර්යය සඳහා සුබ පතන්නන්ගේ අනුග්‍රහයෙන් මාර්ගය දෙපස කැඩී බිඳී ගොස් තිබූ ස්ථාන කොන්ක්‍රීට් කළුගල් අතුරා පිළිසකර කිරීමේ කටයුතු ද සිදු කෙරිණි.