විහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව අනුනායක ධුරයට පත් අතිපූජ්‍ය අංකුඹුරේ පේමවංශ අනුනාහිමියන්ට උපහාර දැක්වීමට සහ වේයන්ගොඩ, එළුවාපිටිය ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථානයට වසර 75ක් පිරිම නිමිත්තෙන් සංවිධානය කළ වැඩසටහනක් හිටපු ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම විහාරස්ථානයේදී පැවැත්විණි.
එහිදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිට්ටඹුව ප්‍රදේශික සංඝ සභාවේ ලේඛකාධිකාරි හේනේපොල ධම්මවංශ හිමියන් ඇතුළු විහාරස්ථානයේ ශිෂ්‍ය හිමිවරුන් විසින් මහාවිහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව අනුනායක ධුරයට පත් අංකුඹුරේ පේමවංශ නාහිමියන් ඇතුළු පිරිසට එහිදී උපහාර දැක්වීම සිදු කෙරිණි. මෙම අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර යන මහත්වරුන් ඇතුළු ගිහි, පැවිදි විශාල පිරිසක් සහභාගි වූහ.