ග්‍රීසියේ බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් රජයට රුපියල් කෝටි 184ක මුදලක් අහිමි කිරීමේ චෝදනාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පස්දෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණය ඉදිරියේ ඊයේ (10) අධිචෝදනා භාර දුන්නේය.
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට අමතරව නියෝජ්‍ය අධිපතිවරු වන කේ.ඩී. ධර්මසේන ධීරසිංහ, බී.ඩී. වසන්ත ආනන්ද සිල්වා සහ සහකාර අධිපතිවරුන් වන චන්ද්‍රසිරි ජයසිංහ පණ්ඩිත සිරිවර්ධන, එච්.ඒ. කරුණාරත්න යන මහත්වරු සෙසු වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත. නඩුවේ 4 වැනි වගඋත්තරකරු වන චන්ද්‍රසිරි ජයසිංහ පණ්ඩිත සිරිවර්ධන මහතා මේ වන විට මිය ගොස් තිබේ.
අධිචෝදනා පත්‍රයට අත්සන් කරන අවස්ථාව වන විට අල්ලස් හෝ දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයකු පත්කර නොතිබීම නිසා නිසි පරිදි චෝදනා පත්‍රයක් ප්‍රතිෂ්ඨාපනයව නොමැති වීමේ මූලික විරෝධතාව පිළිගත් අධිකරණය විත්තිකරුවන් නිදහස් කරන ලදි. විත්තිකරුවන්ට එරෙහිව නිසි පරිදි අධිචෝදනා පත්‍රයක් භාරදීමෙන් පසු එම චෝදනාවට නැවත නඩු පැවරිය හැකි බවට මහාධිකරණය එහිදී දන්වා සිටියේය.
ඒ අනුව ඊයේ (10) මහාධිකරණ විනිසුරු ආදිත්‍යය පටබැඳි මහතා ඉදිරියේ නඩු පැවරීම සිදුවිය. නඩුව දෙසැම්බර් 6 වැනිදා යළි කැඳවේ.