Home » මත්ද්‍රව්‍ය ජාවාරම සහ ත්‍රස්තවාදය මර්දනයට ශ්‍රී ලංකාවට අමෙරිකාවේ සහය සහතිකයි

මත්ද්‍රව්‍ය ජාවාරම සහ ත්‍රස්තවාදය මර්දනයට ශ්‍රී ලංකාවට අමෙරිකාවේ සහය සහතිකයි

එක්සත් ජනපද ශාන්තිකර නාවික බළඇණියේ අණ දෙන නිලධාරි අද්මිරාල් ස්ටීව් කොහ්ලර්

by mahesh
October 11, 2024 1:00 am 0 comment

මත්ද්‍රව්‍ය ජාවාරම සහ ත්‍රස්තවාදය වැනි ජාත්‍යන්තර තර්ජනවලට එරෙහිව සටන් කිරීමේදී ශ්‍රී ලංකාවට සහය දෙන බව එක්සත් ජනපද ශාන්තිකර නාවික බළඇණියේ අණ දෙන නිලධාරි අද්මිරාල් ස්ටීව් කොහ්ලර් (Admiral Steve Koehler, a 4-star U.S. Navy Admiral and Commander of the U.S. Pacific Fleet) මහතා සහතික වූයේය. ඔහු මේ බව පැවසුවේ ඊයේ (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදීය.

ඉන්දීය සාගරයේ දිනෙන් දින ඉහළ යන ආරක්ෂක අභියෝගවලට මුහුණ දීම, සමුද්‍රීය කලාප පිළිබඳ දැනුවත්භාවය වැඩිදියුණු කිරීම සහ ආපදා සඳහා ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වැඩිදියුණු කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් විය. මත්ද්‍රව්‍ය ජාවාරම සහ ත්‍රස්තවාදය වැනි ජාත්‍යන්තර තර්ජනවලට එරෙහිව සටන් කිරීමේදී ශ්‍රී ලංකාවට සහාය දෙන බවට සහතික වූ අද්මිරාල් කොහ්ලර් මහතා මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ශ්‍රී ලංකාව දරන අඛණ්ඩ උත්සාහයද ඇගයීමට ලක් කළේය. නාවික අංශයේ මිනිස් බල පුහුණුව සඳහා එක්සත් ජනපදයේ සහය අඛණ්ඩව ශ්‍රී ලංකාවට පිරිනමන බවටද එක්සත් ජනපද ශාන්තිකර කලාපීය නාවික බළඇණියේ අණ දෙන නිලධාරිවරයා මෙහිදී ජනාධිපතිවරයාට සහතික විය. ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලී චංග් මහත්මියද මේ අවස්ථාවට එක්ව සිටියාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT