Home » තායිලන්ත මහ රජුගෙන් ජනපතිට සුබපැතුම්

තායිලන්ත මහ රජුගෙන් ජනපතිට සුබපැතුම්

by mahesh
October 11, 2024 1:00 am 0 comment

තායිලන්තයේ මහා වජිරලොන්කොන් රජු විසින් එවනු ලැබූ විශේෂ සුබපැතුම් පණිවිඩය මෙරට තායිලන්ත තානාපතිවරයා විසින් නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වනු ලැබිණි. මෙරට තායිලන්ත තානාපති පයිටුන් මහපන්නපොන් (Paitoon Mahapannaporn) මහතා පෙරේදා (9) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ සුබ පැතුම් පණිවිඩය ජනාධිපතිවරයා වෙත භාර දුන්නේය.

තායිලන්ත තානාපතිවරයා නව රජය කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය සහ අපේක්ෂා යථාර්ථයක් බවට පත් කරලීමට තායිලන්ත රජයේ සහය දෙන බවද පැවසීය. ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර මෑතකදී අත්සන් තබන ලද නිදහස් වෙළෙඳ ගිවිසුමේ (FTA) ප්‍රතිලාභ පිළිබඳවද මෙහිදී කරුණු සඳහන් කළ තායිලන්ත තානාපතිවරයා එය අන්‍යෝන්‍ය වශයෙන් ආර්ථික වාසි ගෙන දෙන බවද අවධාරණය කළේය. තායිලන්තයේ සංචාරක කර්මාන්තයේ සාර්ථකත්වයට ඉවහල් වූ විශේෂඥතාව පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කළ තායිලන්ත තානාපතිවරයා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයේදී ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමටද කැමැත්ත පළ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT