Home » කන්තලේ සීනි සමාගමේ ඉඩම්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන භෝග වගාවට ගොවීන්ට දෙන්න

කන්තලේ සීනි සමාගමේ ඉඩම්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන භෝග වගාවට ගොවීන්ට දෙන්න

ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

by mahesh
October 11, 2024 1:00 am 0 comment

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන භෝග වගා සඳහා ගොවි ජනතාවට භාර දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට ඊයේ (10) උපදෙස් දුන්නේය. ඒ අනුව අක්කර පහකට නොවැඩි ඉඩම් මෙලෙස භාර දීමට නියමිත අතර, ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙසද මෙහිදී උපදෙස් දෙනු ලැබීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ උපදෙස් දුන්නේ ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ නිලධාරීන් හමු වූ අවස්ථාවේදීය. විෂයභාර ඇමැතිවරයා ලෙස මෙහිදී අදාළ අමාත්‍යාංශවල ක්‍රියාකාරිත්වය සහ ප්‍රගතිය විමසූ ජනාධිපතිවරයා ඉදිරි සැලසුම් පිළිබඳවද සාකච්ඡා කළේය.

කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ, ඉඩම් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් හේමසිරි ලියනගේ මහත්වරුන් ඇතුළු අදාළ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT