ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බළකාය විසින් තෙවැනි වරට සංවිධාන කරනු ලබන Marines Field Training Exercise Blue Whale – 2024 ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය මේ මස 05 වැනි දින ත්‍රිකුණාමලය දකුණ, සාම්පූර් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතන පරිශ්‍රයේදී ආරම්භ වූ අතර, විදේශීය නාවික හමුදා සාමාජිකයන්ගේ ද සහභාගිත්වයෙන් පැවැත්වෙන මේ අභ්‍යාසය මේ මස 15 වැනි දින දක්වා වයඹ මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත වෙරළ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නාවික හමුදාව කටයුතු සංවිධානය කර ඇත.
මේ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය සඳහා ප්‍රථම වරට පාකිස්ථානය, මාලදිවයින සහ බංගලාදේශය නියෝජනය කරමින් නිරීක්‍ෂකයන් ඇතුළුව නාවික හමුදා සාමාජිකයන් 25 දෙනකු සහභාගි වන අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නාවික හමුදා දියත් විධානය, නාවික පාබල අංශය, මැරීන් බළකාය, විශේෂ යාත්‍රා බළගණය, ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළගණය, ගවේෂණාත්මක කාර්යසාධක බළකාය සහ නාවික හමුදා වෛද්‍ය අංශයේ නාවිකයෝ 195ක් සහභාගි වෙති.
මේ අභ්‍යාසයට ශ්‍රී ලංකා නාවික ශක්ති ගොඩබෑමේ නෞකාව, වෙරළබඩ මුර යාත්‍රා, RHIB යාත්‍රා මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 සහ MI 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා දෙකක් ද එක්වේ.
මේ පුහුණු අභ්‍යාසයේ සමාරම්භක අවස්ථාවට ධජ නිලධාරි නාවික දියත් විධානය කොමදෝරු සංජීව පෙරේරා, අධ්‍යක්‍ෂ මැරීන් කොමදෝරු රොහාන් දිසානායක, නාවික අණභාර නිලධාරි (ත්‍රිකුණාමලය දකුණ) හා ආඥාපති ශ්‍රී ලංකා නාවික නෞකා විදුර කපිතාන් සංජීව කොඩිකාර, හතර වන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ අණදෙන නිලධාරි, කපිතාන් අතුල ජයවීර, අණදෙන නිලධාරි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර හා පළමු වන මැරීන් බළඇණිය, කොමාන්ඩර් සමන්ත දිසානායක, පාකිස්ථානය, මාලදිවයින සහ බංගලාදේශය නියෝජනය කරමින් පැමිණි විදේශීය නාවික හමුදා සාමාජිකයන් ඇතුළු නාවික හමුදා නිලධාරීහු සහභාගි වී සිටියහ.