වික්ටෝරියා මහවැලි කලාපයේ දිගන සෙනරත්වෙල ගම්මානයේ ජීවත්වන පස්දරු පියෙකුගේ හිස මතට රිළවුන් ඇද දැමූ කොස් ගෙඩි රෑනක කොටසක් කඩා වැටී බරපතළ ලෙස තුවාල ලබා තෙල්දෙණිය දිසා රෝහලට ඇතුළත් කර ඇත.
කිලෝ 10ක් බරැති කොස් ගෙඩි රෑන හිස මත වැටීමෙන් බරපතළ ලෙස තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ දිගන සෙනරත්වෙල පදිංචි කේ. අරසන් නමැති 79 හැවිරිදි පස්දරු පියෙකි. ඉකුත් 3 වැනිදා දහවල් කාලයේ සිය ගෙවත්තේ වැඩ කරමින් සිටින විට එම ගෙවත්තේ රිළවුන් කොස් ගස්වල ගෙඩි කමින් සිටින විට ඔවුන් පලවා හැරීමට තැත්කරන විට අඩි පනහක උසක සිට රිළවුන් ඇද දැමූ කොස් ගෙඩි රෑන මෙම පස්දරු පියාගේ හිසට පතිත වී බරපතළ ලෙස තුවාල ලබා තෙල්දෙණිය දිසා මූලික රෝහලට ඇතුළත් කළ බව දිගන සෙනරත්වෙල කේ.අරසන් මහතාගේ පවුලේ දරුවන් පවසයි.
වික්ටෝරියා කලාපයේ මෙන්ම දුම්බර මිටියාවතේ සැරිසරන රිළවුන් නිසා ජනජීවිතයට මෙන්ම සියලුම වගාවන්වලට ද මෙම රිළවුන්ගෙන් වන හානිය නිසා ජනතාව දැඩි ආර්ථික දුෂ්කරතාවකට පත්ව සිටින බව ප්රදේශවාසින් පවසයි.