සොබාදහමේ අපූර්ව නිර්මාණයක් වූ වනඅලියා අතර සිටින දළ ඇතා බොහෝදුරට දක්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්ය. ජනතාව දළ ඇතුන් දකින්නේ දළදා පෙරහරෙනි. නැතිනම් එවන් පෙරහරවල් වීදි සරන අවස්ථාවකදීය.
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජාතික වනෝද්‍යාන රැසක් පිහිටි සුන්දර මනරම් කලාපයක් වන මාදුරුඔය ජාතික වනෝද්‍යානය නිජ භූමිය කරගත් වයස අවුරුදු හතළිහක් පමණ වූ ‘මහ’ නමින් හැඳින්වෙන දළ ඇතා වසර ගණනාවකට පසු මාදුරුඔය ආසන්නයේ පිහිටි රක්ෂිත කලාපයකින් අහඹු ලෙස දක්නට ලැබුණේ පසුගිය දින කීපය තුළදීය.
දින ගණනාවක් මෙම ප්‍රදේශයේ සැරිසරමින් ඉතාමත් සුන්දර දසුන් මවමින් තවත් වනඅලින් දෙදෙනෙකු සමඟ කෙළිදෙළෙන් කාලය ගත කරමින් සිටී.
මෙවැනි වන ඇතෙකු දක්නට ලැබෙන්නේ අහඹු ලෙස වුවත් කෙසේ හෝ අප කැමරා කාචයේ එම දසුන් පෙළ සටහන් කර ගැනීමට හැකි විය.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් දැඩි ආරක්ෂිත රැකවල් මැද පාලනය වන මෙම ජාතික වනෝද්‍යාන තුළ සැරිසරන වනඅලින් අතරින් දක්නට ලැබෙන මෙම සුන්දර ‘මහ’ නමින් හඳුන්වන වන ඇතා ශ්‍රී ලංකාවේ වනයන් තුළ සැරිසරන දළ ඇතුන් අතරින් T-152 නමින් හඳුන්වයි.