Home » කැරකෙන ලෝකයේ නොබෙල් ත්‍යාගය කැරකුණ හැටි

කැරකෙන ලෝකයේ නොබෙල් ත්‍යාගය කැරකුණ හැටි

by mahesh
October 11, 2024 1:00 am 0 comment

රජිත බස්නායක

ඇලඩින්ගේ පුදුම පහන ගැන අප කතාකරනු ලැබුවේ මීට කලකට ඉහත පටන්ය. එකී පහනෙන් සිතන පතන වරම් ලබාගත්තේ එය ලැබුණු අය පමණි. එහෙත් පුදුම පහනටත් මගහැරුණු පිරිසක් මෙලොව සිටියහ. එනම් මුළුමහත් සමාජයක් වෙනුවෙන්ම තම නැණ නුවණ වෙහෙසමින් තම කාලය කැප කළ අයවලුන්ය. එවැනි කතාන්දර කෙසේවෙතත් ලෝකය වෙනුවෙන් මනා කැපකිරීම් කළ අය පිළිබඳව ඇල්ෆ්‍රඩ් නොබෙල්ට මග නොහැරිණි. ඔවුන් ඇගයීම වෙනුවෙන් මනාවූ ත්‍යාගයක් පිරිනැමීමට ඇල්ෆ්‍රඩ් නොබෙල් තීරණය කරනු ලැබුවේ 1901 වසරේදීය. ඇල්ෆ්‍රඩ් නොබෙල් විසින් එය ප්‍රදානය කිරීමට මුල් වූ හෙයින් එය හඳුන්වනු ලැබුවේ නොබෙල් ත්‍යාගය ලෙසිනි. 1901 වසරේ පටන් ආරම්භ වුණු නොබෙල් ත්‍යාගය ස්වීඩනයේ ස්ටොක්හෝම් හි නොබෙල් පදනම විසින් පරිපාලනය කරනු ලබන ජාත්‍යන්තර සම්මානයක් වේ. 1901 සහ 2024 අතර කාලය තුළ 623 වතාවක් නොබෙල් ත්‍යාගය පුද්ගලයන් සහ සංවිධාන 1004කට ප්‍රදානය කරන ලද අතර ඒ අතරතුර නොබෙල් ත්‍යාගය එක් වරකට වඩා අයකුට ලැබීමත් සමඟ, මෙය පුද්ගලයන් 969ක් සහ සංවිධාන 27ක් ලෙසින් ගණනය වේ.

මෙසේ නොබෙල් ත්‍යාගය ප්‍රදානය කිරීමේදී කියුරි පවුල වැඩිම ත්‍යාග සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත් විය. ඒ අනුව මාරි කියුරි භෞතික විද්‍යාව සඳහා 1903 වර්ෂයේදී සහ රසායන විද්‍යාව වෙනුවෙන් 1911 දී ත්‍යාග ලබා ගන්නා අතරතුරේදී ඇගේ සැමියා වන පියරේ කියුරි 1903 භෞතික විද්‍යා ත්‍යාගය ඇය සමඟ සමව ලබා ගත්තාය. එමෙන්ම ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය 1917,1944 සහ 1963 යන වර්ෂයන්හි දී නොබෙල් සාම ත්‍යාගය තුන් වතාවක් දිනා ගැනීමට සමත් වූ අතර එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය 1954 සහ 1981දී දෙවරක් නොබෙල් සාම ත්‍යාගය දිනාගැනීමට සමත් විය.

2024 වර්ෂය සඳහා නොබෙල් ත්‍යාගය

2024 වර්ෂය සඳහා නොබෙල් ත්‍යාගය ලබාදීම ආරම්භ වූවේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදාය. මෙහිදී කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා වන 2024 නොබෙල් ත්‍යාගය, ක්ෂුද්‍ර RNA පිළිබඳ පර්යේෂණ සඳහා දක්වන ලද දායකත්වය වෙනුවෙන් ඇමෙරිකානු විද්‍යාඥයන් වන වික්ටර් ඇම්බ්‍රොස් (Victor Ambros) සහ ගැරී රුව්කුන් (Gary Ruvkun) ට පිරිනැමිණි. වෛද්‍ය විද්‍යාව සහ කායික විද්‍යාව සඳහා ත්‍යාග ජයග්‍රාහකයන් තෝරාගනු ලැබීම සිදු කරනු ලැබුවේ ස්වීඩනයේ කැරොලින්ස්කා ආයතනයේ නොබෙල් සභාව විසින් ය.

එක්සත් ජනපද විද්‍යාඥයින් වන Victor Ambros සහ Gary Ruvkun පසුගිය සඳුදා 2024 වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට සමත් වූයේ මයික්‍රො RNA සොයා ගැනීම සහ බහු සෛලීය ජීවීන් වර්ධනය වන සහ ජීවත් වන ආකාරය පිළිබඳ කළ තීරණාත්මක කාර්යභාරය වෙනුවෙනි.

පුද්ගලයෙකුගේ සියලුම සෛල එකම ජාන සමූහයක්, වර්ධනය වීමට සහ ජීවත්වීමට අවශ්‍ය වුවද, මාංශ පේශි සහ ස්නායු සෛල වැනි විවිධ වර්ගවල සෛල විශේෂීකරණය වී වර්ධනය වන ආකාරය පැහැදිලි කිරීමට ඔවුන්ගේ සොයාගැනීම මෙහිදී වඩාත් පැහැදිලිව පෙනෙන්නට විය.

සම්මාන ප්‍රදානය කරන ආයතනය වන නොබෙල් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සම්මානලාභීන් ජාන නියාමනය සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන කුඩා RNA අණුවල නව පන්තියක් සොයා ගත් බවයි.

“ඔවුන්ගේ පෙරළිකාර සොයාගැනීම මඟින් මිනිසුන් ඇතුළු බහු සෛලීය ජීවීන් සඳහා අත්‍යවශ්‍ය වූ ජාන නියාමනය පිළිබඳ සම්පූර්ණයෙන්ම නව මූලධර්මයක් අනාවරණය වේ” යනුවෙන් ඔවුන් සඳහන් කරන ලදි.

Ruvkun හාවඩ් වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්යවරයෙකු මෙන්ම Boston හි Massachusetts මහ රෝහලට අනුබද්ධව කටයුතු කරන අතර ඇම්බ්‍රෝස් UMass Chan වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙසින් කටයුතු කරමින් සිටී. 1980 දශකය අගභාගයේදී, Ambros සහ Ruvkun 2002 වසරේ නොබෙල් ත්‍යාගලාභී රොබට් හෝර්විට්ස්ගේ රසායනාගාරයේදී මිලිමීටර් 1ක් දිග වටකුරු පණුවෙක් අධ්‍යයනය කරමින් තම පශ්චාත් ආචාර්ය උපාධි හැදෑරූහ.

ඔවුන් දෙදෙනා නොබෙල් ත්‍යාග ආරම්භයේදී ඒ අයුරින් කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා වන ත්‍යාගය ලබාගන්නා විට ඊට දිනකට පසුව, එනම් 8 වැනි දා භෞතික විද්‍යාව සඳහා 2024 නොබෙල් ත්‍යාගය වෙනුවෙන් ජෝන් ජේ. හොප්ෆීල්ඩ් (John J. Hopfield) සහ ජෙෆ්රි ඊ. හින්ටන් (Geoffrey E. Hinton) නම් කිරීමට නොබෙල් කමිටුව තීරණය කරන ලදි.

ඔවුන් දෙදෙනාට මෙය ප්‍රදානය කිරීමට හේතු වූයේ කෘත්‍රිම ස්නායුක ජාල සංවර්ධනය සඳහා සංඛ්‍යාන භෞතික විද්‍යා සංකල්ප භාවිත කිරීම වෙනුවෙනි. මිනිසාගේ මොළයේ ආකෘතිය යොදාගනිමින් අතිශය විශාල දත්ත කට්ටලවල රටා සොයා ගැනීමට සහ හඳුනා ගැනීමට යන්ත්‍රවලට ඉඩ දීමෙන් කෘත්‍රිම බුද්ධිය තුළ කෘත්‍රිම ස්නායුක ජාලයක් ඔවුම් නිර්මාණ කර තිබිණි. 1933 ජූලි 15 වනදා චිකාගෝහි උපත ලද John J. Hopfield අ‍ෙමරිකානු භෞතික විද්‍යාඥයෙක් වන අතර ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ සම්මානනීය මහාචාර්යවරයෙකි, 1982 වර්ෂයේදී ආශ්‍රිත ස්නායුක ජාල පිළිබඳ ඔහුගේ අධ්‍යයනය සඳහා වඩාත් කතා බහට ලක්විය.

එමෙන්ම 1947 දෙසැම්බර් 6 දා උපන් Geoffrey Everest Hinton බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. බ්‍රිතාන්‍ය-කැනේඩියානු පරිගණක විද්‍යාඥයෙක් මෙන්ම, සංජානන විද්‍යාඥයෙක් සහ සංජානන මනෝවිද්‍යාඥයෙකි. කෘත්‍රිම ස්නායුක ජාල පිළිබඳ ඉදිරිපත් කළ නිර්මාණයන් වඩාත් ප්‍රසිද්ධියට පත් වීම හේතුවෙන් “AI ගෝඩ් ෆාදර්” යන නාමය ඔහුට නිතැතින්ම පටබැඳුණි. හින්ටන් දැනට ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ සම්මානනීය මහාචාර්යවරයකු ලෙසින් කටයුතු කරමින් සිටී.

පුද්ගලයෙකුගේ සියලුම සෛල එකම ජාන සමූහයක්, වර්ධනය වීමට සහ ජීවත් වීමට අවශ්‍ය වුවද, මාංශ පේශි සහ ස්නායු සෛල වැනි විවිධ වර්ගවල සෛල විශේෂීකරණය වී වර්ධනය වන ආකාරය පැහැදිලි කිරීමට ඔවුන්ගේ සොයාගැනීම මෙහිදී වඩාත් පැහැදිලිව පෙනෙන්නට විය.

සම්මාන ප්‍රදානය කරන ආයතනය වන නොබෙල් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සම්මානලාභීන් ජාන නියාමනය සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන කුඩා RNA අණුවල නව පන්තියක් සොයා ගත් බවයි.

“ඔවුන්ගේ පෙරළිකාර සොයාගැනීම මඟින් මිනිසුන් ඇතුළු බහු සෛලීය ජීවීන් සඳහා අත්‍යවශ්‍ය වූ ජාන නියාමනය පිළිබඳ සම්පූර්ණයෙන්ම නව මූලධර්මයක් අනාවරණය වේ” යනුවෙන් ඔවුන් සඳහන් කරන ලදි.

Ruvkun හාවඩ් වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්යවරයෙකු මෙන්ම Boston හි Massachusetts මහ රෝහලට අනුබද්ධව කටයුතු කරන අතර ඇම්බ්‍රෝස් UMass Chan වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙසින් කටයුතු කරමින් සිටී. 1980 දශකය අගභාගයේදී, Ambros සහ Ruvkun 2002 වසරේ නොබෙල් ත්‍යාගලාභී රොබට් හෝර්විට්ස්ගේ රසායනාගාරයේදී මිලිමීටර් 1ක් දිග වටකුරු පණුවෙක් අධ්‍යයනය කරමින් තම පශ්චාත් ආචාර්ය උපාධි හැදෑරූහ.

රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය

2024 වසරේ රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය වෙනුවෙන් විද්‍යාඥයින් තිදෙනෙකුට ත්‍යාගය ප්‍රදානය කෙරිණි. ඔවුන් එය ලබා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කළ සුදුසුකම වන්නේ කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් ප්‍රෝටීනවල කේත බිඳදැමීමයි. ඔවුන් තිදෙනා වන්නේ ලන්ඩනයේ ගූගල් ඩීප් මයින්ඩ් හි සේවය කරන ඩෙමිස් හසාබිස් (Demis Hassabis) , ජෝන් එම්. ජම්පර් (John Jumper) සහ වොෂින්ටන් සරසවියේ සේවය කරන එක්සත් ජනපද ජෛව රසායනඥයෙකු වන ඩේවිඩ් බේකර් (David Baker) ය. පසුගිය ඔක්තෝබර් 9 වනදා මේ පිළිබඳව නිවේදනය නිකුත් කළ කමිටුව සඳහන් කර තිබුණේ, වසර 50ක් තිස්සේ නොවිසඳුණු ගැටලුවක් නිරාකරණය කිරීමට මෙම සොයාගැනීම් ඉවහල් වූ බවයි.

සාහිත්‍යය සම්බන්ධයෙන් ඕනෑම කාලයක ලෝකයේ පිබිදීමක් තිබෙන බව කිව යුතුය. එය නිතැතින්ම වෙන් වෙන් වශයෙන් කවර රටක වුවද අගය කිරීමට ලක්වන්නකි. මෙවරද පෙර වසරවල මෙන් සාහිත්‍ය වෙනුවෙන් නොබෙල් ත්‍යාග ප්‍රදානය කිරීමට කටයුතු සූදානමින් පවතී.

නොබෙල් ත්‍යාග කමිටුව 1901 සිට සාහිත්‍යය සඳහා ජයග්‍රාහකයෙකු නම් කර ඇති අතර මේ දක්වා එය පුද්ගලයන් 120 දෙනකුට 116 වතාවක් ප්‍රදානය කර ඇත්තේ පිරිමි පුද්ගලයන් 103 දෙනකුට සහ කාන්තාවන් 17 දෙනකු අතරයි.

එසේම 2024 වර්ෂය වෙනුවෙන් සාමය උදෙසා පිරිනමන නොබෙල් ත්‍යාගය වෙනුවෙන් නම් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත්තේ අද දිනය. පසුගිය වසරේදී නොබෙල් සාම ත්‍යාගය වෙන් වූයේ ඉරාන මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන නාර්ගෙස් මොහොමදීටය. එම සම්මානය ලබන මොහොත වන විටත් ඇය සිටියේ සිරගතවය. එදින මෙම තීරණය ප්‍රකාශයට පත් කරමින් නෝර්වීජියානු නොබෙල් කමිටුව සඳහන් කර සිටියේ 51 හැවිරිදි මොහොමදී ඉරානයේ කාන්තා හිංසනයට එරෙහි අරගලය වෙනුවෙන් ගෞරවයට පාත්‍ර වූ බවය. කෙසේ නමුත් ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගය කවරෙකුට හමුවේද යන්න පිළිබඳව දැන ගැනීමට නම් මීළඟ සතිය වනතුරු සිටිය යුතුය. ඉකුත් වසරේ මෙම විෂය සම්බන්ධයෙන් සම්මානයට පාත්‍ර වූයේ

හාවඩ් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක් වන ක්ලෝඩියා ගෝල්ඩින්ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT