Wednesday, April 23, 2025
Home » තිලකරත්න ඩිල්ෂාන් සහ වඩිවෙල් සුරේෂ්, රන්ජන්ට හේත්තු වෙයි

තිලකරත්න ඩිල්ෂාන් සහ වඩිවෙල් සුරේෂ්, රන්ජන්ට හේත්තු වෙයි

by chanaka
October 9, 2024 1:01 pm 0 comment

රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතාගේ දේශපාලන පක්ෂය වන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් යන මහත්වරුන් මහ මැතිවරණයට ඉදිරිපත් වන බව අද(09) ප්‍රකාශ කළේය.

මේ බව ප්‍රකාශ කළේ රන්ජන් රාමනායක මහතාගේ දේශපාලන පක්ෂය වන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ කොළඹදී අද නිල වශයෙන් එළිදැක්වුණු අවස්ථාවේදීය.

රන්ජන් රාමනායක, එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මයික් ලකුණින් තරග වදින සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමත් සමඟ එම පක්ෂය ආරම්භ කෙරුණි.

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ සංවිධානයේ ජාතික සංවිධායකවරයා ලෙස ද තිලක්රත්න ඩිල්ෂාන් මහතාව පත් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT