හැටන් දික්ඔය නගර සභාව මගින් හැටන් බස් නැවතුම්පොල භුමියේ පවත්වාගෙන යන පොදු වැසිකිලි පද්ධතිය නිසි ආකාරව පවත්වාගෙන නොයෑමෙන් සෞඛ්‍ය ගැටළු රැසක් මතු වි ඇති බව එම බස් නැවතුම්පොලට එන මගීන් මෙන්ම ව්‍යාපාරික ප්‍රජාව චෝදනා කර සිටිති.
හැටන් දික්ඔය නගර සභාව මගින් පොදු වැසිකිලිය භාවිතා කිරිම සදහා එක් අයෙකුගෙන් රු 40 ක මුදලක් අය කෙරේ.
එම පොදු වැසිකිලියේ මළ ද්‍රව්‍ය එක්රැස් වන වල පිරි පිටාර ගැලිම නිසා මලපහ බස් නැවතුම්පොල භුමිය පිටුපසින් කාසල්රි ජලාශයට වැසි ජලය ගලා බසින කාණු පද්ධතිය ඔස්සේ ගලා බැසිම නිසා සෞඛ්‍ය ගැටළු රාශීයක් ඇති තිබෙන බව අපට වාර්තා වෙයි.
මේ වන විට බස් නැවතුම්පොල භුමිය පුරා දැඩි දුගන්ධයක් හමන බව මගීන් ඇතුළු බස් නැවතුම්පොලට පැමිණෙන පිරිස් චෝදනා කර සිටියි.
හැටන් බස් නැවතුම්පොල කාර්ය බහුල බස් නැවතුම්පොලක් වන අතර, එම බස් නැවතුම්පොලට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට ලංගම සහ පෞද්ගලික බස් රථ ගණනාවක් පැමිණෙන අතර, එම බස් රථවලින් පැමිණෙන මගී ජනතාව සහ බස් නැවතුම්පොල අවට ව්‍යාපාර සිදු කරන ප්‍රජාව භාවිතා කිරිමට ඇති එකම පොදු වැසිකිලිය මෙය බවයි එම පිරිස කියා සිටින්නේ.