ව්‍යාජ ඉඩම් බලපත්‍රයක් සකස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරුවකු වූ නීතිඥයකුට කොළඹ මහාධිකරණය ඊයේ (08) බරපතළ වැඩ ඇතිව වසර 8ක සිර දඬුවමක් නියම කළේය. එයට අමතරව විත්තිකරුට රුපියල් 20,000ක දඩයක් ගෙවන ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය. මෙලෙස සිරදඬුවම් නියම වූයේ නිමල් ජයසිරි වීරසේකර නමැති නීතිඥවරයකුටය. ව්‍යාජ ඔප්පු සකස් කිරීමේ සිදුවීමකට ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් 2011 වසරේදී අවුරුදු 8කට නීතිඥභාවය අත්හිටුවා ඇත. එසේ තිබියදී විත්තිකරු ගම්පහ ප්‍රදේශයේ මියගිය නීතිඥයකු වන සී.ජී. පෙරේරා නමැත්තාගේ නමින් පෙනී සිටිමින් 2013 වසරේදී ව්‍යාජ ඔප්පුවක් සකස් කර තිබේ. 2013 වසරේ ඔක්තෝබර් මස 11 වැනි දින රාජගිරිය, පැලවත්ත ප්‍රදේශයේදී ඉඩම් බලපත්‍රයක් සකස් කිරීමේ වංචාවක් සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා 2ක් යටතේ චෝදනා ගොනු කරන ලදි.
විත්තිකරු රුපියල් ලක්ෂයක මුදලක් නීතිඥ ගාස්තු හා මුද්දර ගාස්තු ලෙස අය කර ඇත. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ ලිෂාන් රත්නායක මහතා පැමිණිල්ල මෙහෙය විය. මේ සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයක් පැවැති අතර එහිදී විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට පැමිණිල්ල සනාථ කර ඇති බව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නිගමනය කළේය.