Tuesday, April 22, 2025
Home » මුහුදු ආදිවාසීහු නැඟෙනහිර ආණ්ඩුකාරවරයා සම්ප්‍රදානුකූලව පිළිගනිති

මුහුදු ආදිවාසීහු නැඟෙනහිර ආණ්ඩුකාරවරයා සම්ප්‍රදානුකූලව පිළිගනිති

by sachintha
October 9, 2024 1:36 am 0 comment

නැ‍ඟෙනහිර පළාත නිජබිම කරගත් මුහුදු ආදිවාසීන් පෙරේදා (07) සවස අභිනවයෙන් පත්වූ නව නැඟෙනහිර ආණ්ඩුකාරවරයා සම්ප්‍රදානුකූලව මී පැණි මුට්ටියක් ලබා දෙමින් පිළිගනු ලැබීය. මෙහිදී මුතූර් මුහුදු ආදිවාසී නායකයා ඇතුළු පිරිස මීපැණි මුට්ටියක් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා වෙත පිළිගැන්වූහ.

අනතුරුව මුහුදු ආදිවාසීන් තමන්ට බලපාන ගැටලු සම්බන්ධයෙන් ද ආණ්ඩුකාරවරයාගේ අවධානය යොමු කළ අතර, එම ගැටලු සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා බව ද ආණ්ඩුකාරවරයා මෙහිදී මුහුදු ආදිවාසීන් හමුවේ පවසා සිටියේය.

ත්‍රිකුණාමල දිස්ත්‍රික් සමූහ – ප්‍රියාන් මලින්ද තිරුකුණාමල විශේෂ ඒ.ටී.එම් ගුණානන්ද

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT