Home » පුනරුද වැඩපිළිවෙළට ශක්තියක් වෙමින් නොමිලේ බස් ධාවනයක්

පුනරුද වැඩපිළිවෙළට ශක්තියක් වෙමින් නොමිලේ බස් ධාවනයක්

by sachintha
October 9, 2024 1:34 am 0 comment

ජනාධිපතිවරයාගේ “ පුනරුද වැඩපිළිවෙළට ” ශක්තියක් වෙමින් පෙරේදා (07) මාවනැල්ල – අස්මඩල මාර්ගයේ එක් මගී බස් රථයක් මගීන්ගෙන් කිසිදු මුදලක් අය කර ගැනීමෙන් තොරව ධාවනය කරන්නට විය.

මෙම පෞද්ගලික මගී බස් රථය මෙලෙස ධාවනය කිරීම දවස පුරා නොමිලේ සිදු කළ අතර මාවනැල්ල සහ අස්මඩල අතර ගමන් වාර 6ක් මෙලෙස දිනය පුරාම ධාවනය විය. මෙම බස් රථය ධාවනය කිරීම වෙනුවෙන් අනුග්‍රහය ලබා දී තිබුණේ එංගලන්තයේ රැකියාවක නිරත වී සිටින ශ්‍රී ලාංකිකයකු වන ලක්සිරි බොරළුගොඩ මහතාගේ ධන පරිත්‍යාගයෙනි.

මෙවැනි කටයුත්තක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් අපට අදහස් දැක්වු අස්මඩලේ පදිංචි ආර්. දිනේෂ් නිශාන්ත මහතා පැවසූයේ රටේ අනාගතයට සොරකමින් සහ දූෂණයෙන් තොරව ඒ සඳහා සුදුස්සන් පත්ව ඇති බව වැටහුණු පසු බොහෝ විදේශික ලාංකිකයන් මෙන්ම රටට ආදරය කරන ව්‍යාපාරිකයන්, ජනතාව, ඇති හැකි අය රටේ දියුණුවට ඔවුන්ට හැකි පමණින් සහයෝගය ලබා දෙන බවයි.

අද දිනයේදී මේ සිදු කරන්නේ ආදර්ශවත් කටයුත්තක් වන හෙයින් එවැනි කටයුතු හැකි පමණින් රට වෙනුවෙන් කරන්නට සෑමවිටම බොහෝ දෙනෙක් සූදානමින් සිටින බවද පැවසීය.

අස්මඩල සහ මාවනැල්ල අතර දුර කිලෝමීටර් 15කට වැඩි වන අතර මෙලෙස දෛනිකව ගමන් වාර සිදු කරමින් ලබා දුන් එම වැඩපිළිවෙළට මඟීන් බොහෝ පිරිසක් සිය ප්‍රසාදය පිරිනමන්නට විය.

මෙම ආදර්ශවත් කටයුත්තෙන් පෙනෙන්නේ රට යන්නේ නිවැරදි දෙසට නම්, ඇති හැකි අය ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමේ වැඩපිළිවෙළට ආදර්ශයක් වන බව ජනතාවද අදහස් දක්වමින් අප වෙත පවසා සිටියහ. මෙලෙස බස් රථයේ අතරමැද්දේ දී හෝ මුදල් අය කිරීමක් සිදු කරන්නේ ද යන්න ද නිරීක්ෂණය කරන්නටත් මෙහි සංවිධායක මණ්ඩලය නිරීක්ෂණයටත් එක් අයෙකු ද පත් කර තිබුණි.

මාවනැල්ල විශේෂ – සමන් විජය බණ්ඩාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT