Home » කේරළ ගංජා පාර්සල් දෙකක් සන්තකයේ තබාගෙන සිටි යුද සෙබළෙක් කොටුවෙයි

කේරළ ගංජා පාර්සල් දෙකක් සන්තකයේ තබාගෙන සිටි යුද සෙබළෙක් කොටුවෙයි

by sachintha
October 9, 2024 1:33 am 0 comment

කේරළ ගංජා පාර්සල් දෙකක් සන්තකයේ තබාගෙන සිටි යුද හමුදා සෙබළෙකු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් කිලිනොච්චිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී කේරළ ගංජා කිලෝ 02යි, ග්‍රෑම් 700ක පාර්සල් දෙකක් සන්තකයේ තබාගෙන සිටි මහඔය, උණුවතුරබුබුල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කිලිනොච්චි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකාය පුලියන්කුලම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව යුද හමුදා නිලධාරීන් කණ්ඩායමක් සමඟ ඒකාබද්ධව කිලිනොච්චි පොලිස් වසමේ පරන්තන් ප්‍රදේශයේදී වැටලීම සිදුකර ඇත.

දිගාමඩුල්ල විශේෂ වසන්ත චන්ද්‍රපාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT