කතරගම ප්‍රදේශයේ සේවය කළ විශ්‍රාමික ග්‍රාම සේවා මහතකු වූ අනුර වික්‍රමසිංහ මහතා සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන පෙරේදා (07) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව ඇත.
කතරගම කඳ සුරිඳුගම පිහිටි එම මහතාගේ නිවෙසේ කාමරයක් තුළ මේ ලෙස සිය දිවි හානිකර ගෙන ඇත.
කතරගම සහ මොනරාගල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක ග්‍රාම සේවා නිලධාරියකු ලෙස අනුර වික්‍රමසිංහ මහතා සේවය කර තිබේ.
පසුගිය දා කතරගම නව මත්පැන්හල කතරගම ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ අනුර වික්‍රමසිංහ මහතා ලේඛකයකු ලෙස පොත් 09ක් රචනා කර තිබේ.
ඔහු කතරගම හදිසි මරණ පරීක්ෂක සමන් වික්‍රමසිංහ මහතාගේ සහ කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අසෝක වික්‍රමසිංහ මහතාගේ වැඩිමහල් සොහොයුරාද වෙයි.
මෙම මරණය සම්බන්ධයෙන් කතරගම පොලිසිය පරික්ෂණ පවත්වයි.
කතරගම – කේ.ඩි. දේවප්‍රිය
සූරියවැව විශේෂ – නුවන් ජයසේකර