Home » අගුණකොලපැලැස්ස බන්ධනාගාර නිලධාරීන් 03කගේ වැඩ තහනම්

අගුණකොලපැලැස්ස බන්ධනාගාර නිලධාරීන් 03කගේ වැඩ තහනම්

by chanaka
October 9, 2024 12:20 pm 0 comment

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවන් බන්ධනාගාර නිළධාරින්ගේ අත්අඩංගුවෙන් මිදී පැන යාම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර තිබේ.

බන්ධනාගාර අධිකාරීවරයාගේ අනුමැතියකින් තොරව මෙම සිරකරුවන් පිටතට ගෙන ඇති අතර ඒසේ කටයුතු කළ අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා, පවිත්‍රතා කටයුතු සදහා සිරකරුවන් යොමු කල දෙවන පෙල ජේලර්වරයා සහ පවිත්‍රතා කණ්ඩායම භාරව සිටි නියාමකවරයා මූලික විමර්ශණයට යටත්ව මෙසේ රාජකාරී වැඩ තහනමකට ලක් කර ඇත.

සිද්ධීය සම්බන්ධයෙන් මාතර බන්ධනාගාර සහකාර බන්ධනාගාර අධිකාරීවරයා විසින් පැවැත්වු මූලික විමර්ෂණයේ නිර්දේශයට අනුව මෙම නිළධාරින්ගේ වැඩ තහනම් කර ඇත.

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවන් දස දෙනෙකු (10ක්) පසුගිය 01 වනදා ඒම බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයාගේ උපදෙස් මත නියාමක නිළධාරියෙකු භාරයේ බන්ධනාගාර පිටත පරීශ්‍රයේ පවිත්‍රතා කටයුතුවල යොදවා ඇති අතර, ඒ අවස්ථාවකදී සිරකරුවන් සිව් දෙනෙකු (04ක්) බන්ධනගාර නිළධාරීන්ගේ නීත්‍යානූකූල අත්අඩංගුවෙන් මිදී පැනගොස් ඇත.

බන්ධනාගාර අධිකාරීවරයාගේ අනුමැතිකන් හෝ විමසීමකින් තොරව පවිත්‍රතා කටයුතු සදහා මෙම සිරකරුවන් ආයතනයෙන් පිටතට ගැනීමට ප්‍රධාන ජේලර්වරයා කටයුතු කර ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත.

පැනගොස් ඇති සිරකරුවන් සිව්දෙනා අධිකරණයේ විසදීමට නඩු සහිත සිරකරුවන් වන අතර, වසර 21 වැඩි සිරදඩුවමක් හා විසදීමට ඇති නඩු 02ක් සහිත සිරකරුවෙකුද ඒ අතර වේ. මෙලෙස පැනගිය සිරකරුවන සිව් දෙනාගෙන් නැවත සිරකරුවන් තිදෙනෙකු (03ක්) අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක)ගාමිණී බී. දිසානායක මහතා කියයි.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT