මැදපෙරදිග යුද්ධය දරුණු අතට හැරීමේ පෙරනිමිති පහළ කරමින් පසුගියදා ඉරානය විසින් ඊශ්‍රායලයට බැලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කිරිම රුසියාව දැනුවත්ව සිදු කළ බවටත්, ප්‍රහාරයෙන් පසු ඉරානය වෙනුවෙන් සහාය පළ කරමින් රුසියාව ප්‍රකාශ නිකුත් කර ඇති බවටත් අමෙරිකාව චෝදනා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඉරාන විප්ලවීය හමුදාවේ ගුවන් මෙහෙයුම් ඒකකය විසින් ඊශ්‍රායලයේ ජෙරුසලම් සහ ටෙල් අවීවි නගර ඉලක්ක කරමින් බැලැස්ටික් මිසයිල 200කට වැඩි ප්‍රමාණයක් එල්ල කළ අතර, ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිදු කරන ප්‍රහාරවලට ඉරානයෙන් ප්‍රතිචාර දක්වා ඇති බව ප්‍රහාරයෙන් පසු ප්‍රකාශයක් නිකුත් කරමින් රුසියාව සඳහන් කර ඇතැයි අමෙරිකාවේ නිව්යොක් පෝස්ට් පුවත් සේවය වාර්තා කළේය.
ඉරාන ප්‍රහාරය හෙළා දැකීම වෙනුවට මැදපෙරදිග යුද ගැටුම් ව්‍යාප්ත කිරීමට ඊශ්‍රායලයට සහයෝගය දෙන බවට රුසියාව අමෙරිකාවට චෝදනා කර ඇතැයි ද නිව්යෝක් පෝස්ට් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. ඉරානයේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ භෞමික අඛණ්ඩතාව සහ ජාතික අභිමානය ආරක්ෂා කිරීමට සහාය දෙන බවට දැනටමත් රුසියාව ඉරානයට ප්‍රතිඥා දී ඇතැයිද එම පුවත් සේවය සඳහන් කළේය.
එසේ වුවද රුසියාවේ මොස්කව් ටයිම්ස් පුවත් සේවය සඳහන් කරන්නේ මැදපෙරදිග යුද ගැටුම් ව්‍යාප්ත වීම පිළිබඳ රුසියාව දැඩි කනගාටුවට පත්වී සිටින බවය.