ඉදිරි වසර කිහිපයේදී ප්‍රංශයේ වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට ඉන්දීය සිසුන් තිස්දහසකට අවස්ථාව ලබාදීමට ප්‍රංශ රජය කැමැත්තෙන් පසුවන බව ඉන්දියාවේ ප්‍රංශ තානාපතිවරයා ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දෙරට අතර ද්විපාර්ශ්වික සම්බන්ධතා තුළින් යුරෝපීය රටකට එවැනි ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් අතිශය වැදගත් බවත් ඉන්දියාවේ ප්‍රංශ තානාපති තියරි මාතු වැඩිදුරටත් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඉන්දීය සිසුන් වැඩි පිරිසකට ප්‍රංශයේ උසස් අධ්‍යාපනය සඳහා අවස්ථාව උදා වී ඇත්තේ පසුගිය ජනවාරියේ එරට ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන්ගේ ඉන්දීය සංචාරය අතරතුර ඇතිකරගත් එකඟතාවක් අනුව බව ද වාර්තා වේ.
ඉන්දීය සිසුන්ට ප්‍රංශයේ දොරටු විවෘත බවත්, ඉංග්‍රීසි බසින් හෝ ප්‍රංශ බසින් පාඨමාලා හැදෑරීමට එම සිසුන්ට අවස්ථාව ලැබෙනු ඇති බවත් ප්‍රංශ තානාපතිවරයා සඳහන් කර ඇත.
වසර 2030 වන විට ඉන්දීය සිසුන් තිස්දහසකට වැඩිදුර අධ්‍යාපනයට පසුබිම සකස් කිරීම ප්‍රංශයේ ඉලක්කය බව පසුගිය ජනවාරියේ සිදුවූ දෙදින ඉන්දීය නිල සංචාරය අතරතුර ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.