Home » ඊශ්‍රායල් රැකියා සම්බන්ධව පැතිර යන කටකතා පිළිබඳව පැහැදිලි කිරීමක්

ඊශ්‍රායල් රැකියා සම්බන්ධව පැතිර යන කටකතා පිළිබඳව පැහැදිලි කිරීමක්

by chanaka
October 9, 2024 2:40 pm 0 comment

ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා මාර්ගගත (Online) ක්‍රමයට ලියාපදිංචි කිරීම් මේ දිනවල ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිදුකරනු ලබන අතර, ඒ සඳහා විශාල ප්‍රතිචාරයක් ලැබී තිබේ.

මාර්ගගත ක්‍රමයට ලියාපදිංචි කිරීමෙන් අනතුරුව අදාළ රැකියා අපේක්ෂිතයාගේ ජංගම දුරකථනය වෙත කෙටි පණිවුඩයක් මගින් සම්මුඛ පරීක්ෂණ සඳහා අවශ්‍ය සහතික හා ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට දිනයක් හා ලේඛන භාර දිය යුතු කාර්යාංශ මධ්‍යස්ථානයේ නම යොමු කරනු ලැබේ.

ඊශ්‍රායල් ඉදිකිරීම් රැකියා සඳහා ලියාපදිංචි කරගනු ලබන්නේ මීට පෙර ඊශ්‍රායල් ඉදිකිරීම් රැකියා සඳහා වෘත්තීය පරික්ෂණයට ඉදිරිපත් නොවූ අපේක්ෂකයින් වේ. මීට පෙර කුසලතා පරීක්ෂණයට ඉදිරිපත් වී ඉන් අසමත් වූ අයට මෙම විභාගය සඳහා යළි මාස 6ට පසු පෙනී සිටීමට අවස්ථාව හිමිවන බවට කට කතාවක් පැතිර යන අතර, එය සාවද්‍ය වේ. එම පුද්ගලයින්ට යලි විභාගයට අයදුම් කළ හැක්කේ ඊශ්‍රායල් රජයෙන් සිදුකරන දැනුම් දීම අනුව පමණි. එවැනි දැනුම්දීමක් ඊශ්‍රායලය විසින් මෙතෙක් සිදුකර නොමැත. ඊශ්‍රායල් රජය විසින් රටවල් 15කින් ශ්‍රමිකයින් බඳවා ගැනීම සිදුකරන අතර, එම රටවල් 15 සඳහාම මෙම තීරණය වලංගු වේ.

එබැවින් මෙවැනි සාවද්‍ය ප්‍රකාශවලට නොරැවටෙන මෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT