Home » තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම 10දා දක්වා දික් කරයි

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම 10දා දක්වා දික් කරයි

by sachintha
October 9, 2024 1:13 am 0 comment

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ඊයේ (08) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීමට නියමිතව තිබුණත් එය ලබන 10 වැනිදා දක්වා දීර්ඝ කළ බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ආරම්භ කෙරුණේ, පසුගිය 01 වැනිදා සිට වන අතර, මෙතෙක් තැපැල් ඡන්ද අයදුම්පත් භාර නොදුන් රාජ්‍ය සේවකයන් තමන්ගේ ආයතන ප්‍රධානියා මඟින් සහතික කළ අයදුම්පත් තමන්ගේ නිවෙස පිහිටි දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරියාට ලබාදිය යුතු බවට මැතිවරණ කොමිසම මඟින් නිවේදනය කර තිබිණි.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT