මේ රටේ මුල්බැහැගෙන තිබූ ජාවාරම්කාර පෙළැන්තිය අතුගා දැමීමට සැප්තැම්බර් 21 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක සහෝදරයා සමත් වූ බව ශ්‍රී ලංකා කම්කරු ජාතික පෙරමුණේ සභාපති චමීර පෙරේරා මහතා පැවසීය.
චමීර පෙරේරා මහතා ඒ බව කියා සිටියේ, පෙරේදා (06) හැටන් නගරයේ මාධ්‍ය හමුවක් පවත්වමිනි.
“අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජයග්‍රහණයත් සමඟ ජාවාරම්කාර පැළැන්තය ගසාගෙන ගියා, රට බේරගත්ත මහ ආප්පච්චි, ගෑස් දුන්න සුදු අප්පච්චි, බස් දුන්න පිංපියා පුවක් මල්ල පොළොෙව ගැහුවා වගේ අයින් කරලා දැම්මා රටේ ජනතාව.
තවදුරටත් දේශපාලන වහලුන් නෑ. ඒ සංස්කෘතිය අවසන් කළා. වතුකරයේ ජනතාව තුළත් ඒ පිබිදීම ඇති වෙලා තියෙනවා. වතුකරයේ ජනතාව පාගගෙන ඉන්න පාලකයන් පලවා හැරීමට වතුකරයේ ජනතාව සූදානම් වෙලා ඉන්නවා.
හිටපු පාලකයන් ජනතාවගේ ධනය භාවිත කරපු ආකාරය පිළිබඳ දැන් හෙළිදරව් වෙමින් පවතිනවා. මාසෙට කජු කන්න විතරක් කෝටි හතරක් වියදම් කරලා. රටේ ලක්ෂ 20ක දරුවන් පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙනවා” යනුවෙන් ද ඔහු එහිදී පැවසුවේය.
මෙම මාධ්‍ය හමුවට එම පක්ෂයේ ලේකම් ඩැනියෙල් ජැනැස්ටර් මහතා ද සහභාගි විය.
හැටන් – රංජිත් රාජපක්ෂ