Monday, April 21, 2025
Home » ප්‍රභූ වරප්‍රසාද නැතත් වතුකර ජනතාව වෙනුවෙන් කැපවී සේවය කරනවා

ප්‍රභූ වරප්‍රසාද නැතත් වතුකර ජනතාව වෙනුවෙන් කැපවී සේවය කරනවා

-කඳුරට ජනතා පෙරමුණේ නායක වී. රාධාක්‍රිෂ්ණන්

by sachintha
October 8, 2024 1:11 am 0 comment

මෙතෙක් පැවති රජයන් ප්‍රභූවරුන්ට ලබාදුන් වරප්‍රසාද නැතිව ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී වතුකරයේ ජනතාව වෙනුවෙන් සේවය කිරීමට තමන් කැප වෙන බව දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායක සහ කඳුරට ජනතා පෙරමුණේ නායක වී. රාධාක්‍රිෂ්ණන් මහතා පැවසීය.

වී. රාධාක්‍රිෂ්ණන් මහතා පෙරේදා (06) හැටන් නගරයේ පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ බව පැවසීය.

“වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටේ නාස්තිය අවම කිරීම සඳහා මන්ත්‍රීවරුන්ට ලබාදෙන වරප්‍රසාද අවම කිරීමට තීරණයක් ගෙන ඇති බැවින් එම තීරණය මත යමින් තමන් වතුකරයේ ජනතාව වෙනුවෙන් කැපවී වැඩ කරනවා. තමන් ව්‍යවසායකයකු බැවින් තමන්ට හොඳ ආදායම් තත්ත්වයක් තිබෙනවා” යැයි ද වී. රාධාක්‍රිෂ්ණන් මහතා පැවසීය.

මෙවර මහ මැතිවරණයේදී වතුකරයේ ප්‍රධාන වෘත්තීය සමිතියක් අලියා සලකුණින් තරග කිරීමට තීරණය කර ඇති බවත් වතුකරයේ ජනතාව අලියා සලකුණ ප්‍රතික්ෂේප කර වසර ගණනාවක් ගත වී ඇති බවත් රාධාක්‍රිෂ්ණන් මහතා කියා සිටියේය.

මහ මැතිවරණයේදී මෙතෙක් පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු ජනාධිපතිවරුන් සිව්දෙනකු සහ මන්ත්‍රීවරුන් ගණනාවක් මෙවර තරග නොකරන බවත් එම පිරිස දූෂණ වංචා ගණනාවක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින බැවින් ජනතාව ප්‍රතික්ෂේප කර ඇති නිසා ඔවුන් තරග නොකරන බවත් රාධාක්‍රිෂ්ණන් මහතා පැවසීය.

හැටන් – රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT