Home » නව ආරක්ෂක ලේකම් ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක

නව ආරක්ෂක ලේකම් ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක

by chanaka
October 8, 2024 1:34 pm 0 comment

නව ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත මහතා ආරක්ෂක ලේකම් ධුරයට පත්විමෙන් අනතුරුව ඊයේ (07 ) ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරිත විය.

එහිදි ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හා ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් සමිපත් තුයියකොන්ත මහතා අතර හමුවක් ද සිදුවිය.

ආරක්ෂක ලේකම් ධුරයට පත්වීමෙන් පසුව සාම්ප්‍රධානකූලව සිදුකරනු ලබන නිල සංචාරය සදහා ගුවන් හමුදා මුලස්ථානය වෙත පැමිණි ආරක්ෂක ලේකම්වරයාව කොළඹ ගුවන් හමුදා කදවුරු අණදෙන නිළධාරි එයාර් කොමඩොර් රුවන් චන්දිම නිළධාරිතුමන් විසින් පිළිගත් අතර ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් ගෞරව සම්මාන මුරයක්ද පිරිනමන ලදි.

අනතුරුව ගුවන් හමුදා මූලස්ථානට පැමිණි ආරක්ෂක ලේකම්වරයා හා ගුවන් හමුදාපතිවරයා සාකච්ඡාවක නිරතවු අතර මෙම හමුව සිහිපත් විම පිණිස සමරු ඵලක හුමවාරුවක්ද සිදුකෙරුණි.

ගුවන් හමුදා මුලස්ථානයට පැමිණි ආරක්ෂක ලේකම්වරයා විසින් ගුවන් මෙහෙයුම් මැදිරිය ඇතුළු සුවිශේෂි ස්ථානයන් රුසක් නිරික්ෂණය කරනු ලැබු අතර ගුවන් හමුදා සාමාජිකයන් හා සිවිල් සේවක මහතුන් ඇමතිමද සිදුකරන ලදි.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලධාරින් ද ගුවන් හමුදා ඡ්‍යේෂ්ඨ නිළධාරින්, සෙසු නිළයන් හා සිවිල් සේවක මහතුන් ඇතුලු පිරිසක් ද සහභාගී විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT