Monday, April 21, 2025
Home » ඉන්දීය විදේශ විනිමය සංචිතය පළමුවරට ඩොලර් බිලියන 700 ඉක්මවයි

ඉන්දීය විදේශ විනිමය සංචිතය පළමුවරට ඩොලර් බිලියන 700 ඉක්මවයි

by sachintha
October 8, 2024 1:49 am 0 comment

ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 700 ඉක්මවූ බව එරට සංචිත බැංකුව විසින් පසුගියදා නිකුත් කරනු ලැබූ නවතම දත්ත සංඛ්‍යාලේඛනවලින් අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය සැප්තැම්බර් 27 වැනිදායින් අවසන් වූ සතිය ඇතුළත එරට විදේශ විනිමය සංචිතයට අමෙරිකානු ඩොලර් බිලියන 12.588ක් එක්වීමත් සමඟ සමස්ත විදේශ සංචිතය ඩොලර් බිලියන 704.885 දක්වා ඉහළ ගිය බව එම දත්ත සංඛ්‍යාලේඛන පෙන්වා දී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. මීට පෙර ඉන්දියාවේ ඉහළම විදේශ විනිමය සංචිතය වාර්තා වී ඇත්තේ පසුගිය අගෝස්තු මස 23 වැනිදායින් අවසන් වූ සතියේදි බවත්, එය ඩොලර් බිලියන 681.688 අගයක් පෙන්නුම් කළ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ඉන්දීය විදේශ සංචිත බැංකුව පසුගියදා නිකුත් කළ නවතම වාර්තාවලට අනුව අමෙරිකානු ඩොලර් බිලියන 65.796ක රන් සංචිතයක් ද ඉන්දියාව සතුව ඇති අතර, ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය වසරකට වැඩි කාලයකට ප්‍රක්ෂේපිත ආනයන ආවරණය කිරීමට ප්‍රමාණවත් බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT