මේ වසරේ කායික හෝ වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය අමෙරිකාවේ විද්‍යාඥයන් දෙදෙනකුට හිමිවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ක්ෂුද්‍රජීව විද්‍යාව සම්බන්ධයෙන් පර්යේෂණ කළ වික්ටර් ඇම්බ්‍රොස් සහ ගැරී රුව්කුන් එම සම්මානයෙන් පිදුම් ලැබූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
මේ විශිෂ්ට විද්‍යාඥයන් දෙදෙනා පෘථිවියේ ජීවය ආරම්භ වූ ආකාරය සහ විවිධ පටකවලින් මිනිස් සිරුරු නිර්මාණය වී ඇති ආකාරය පිළිබඳ ඉතා විස්මිත පර්යේෂණයක් සිදු කළ බවත්, මිනිස් සිරුරේ ඇති සෑම සෛලයකම අඩංගු ක්ෂුද්‍ර පටක සහ ජානමය විපර්යාස හඳුනා ගැනීමට එම පර්යේෂණය අතිශයින්ම වැදගත් බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
ස්වීඩන් ජාතික රසායන විද්‍යාඥයකු වූ ඇල්ෆ්‍රඩ් නොබෙල් නමින් වසර 1885දී ඔහුගේ අවසන් කැමැත්තට අනුව ආරම්භ කළ නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව, කායික හා වෛද්‍ය විද්‍යාව, සාහිත්‍යය සහ සාමය උදෙසා වාර්ෂිකව පිරිනමනු ලබන්නකි. මෙවර කායික හෝ වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය සමඟ ඉදිරි පර්යේෂණ සඳහා පිරිනැමෙන ස්වීඩන් ක්‍රෝනර් මුදල් ඒකකයෙන් මිලියන 11ක ආධාර මුදල අමෙරිකාවේ විද්‍යාඥයන් දෙදෙනා අතර බෙදී යනු ඇත.