Home » ශ්‍රී ලංකාව පළමු තර­ග­යෙන් නේපා­ල­යට පරදී
20න් පහළ මධ්‍යම ආසි­යානු වොලි­බෝල්

ශ්‍රී ලංකාව පළමු තර­ග­යෙන් නේපා­ල­යට පරදී

by damith
October 7, 2024 1:14 am 0 comment

නිරෝ­ෂාන් ප්‍රියං­කර

කොළඹ සුග­ත­දාස ගෘහස්ථ ක්‍රීඩාං­ග­ණ­යේදී ඊයේ ආරම්භ වූ මධ්‍යම ආසි­යානු අවු­රුදු 20න් පහළ වොලි­බෝල් තර­ගා­ව­ලිය යටතේ සහ­භා­ගිවූ පළමු තර­ග­යෙන් නේපා­ලය හමුවේ වට 3-0ක පරා­ජ­යක් අත්වි­ඳී­මට සත්කා­රක ශ්‍රී ලංකා කණ්ඩා­ය­මට සිදු විය.

තර­ගයේ පළමු වටය ලකුණු 25-14ක් ලෙස පහ­සු­වෙන්ම ජය ගැනී­මට නේපාල ක්‍රීඩ­ක­යන් සමත් වුවත් දෙවැනි සහ තෙවැනි වට­වල ප්‍රබල සට­නක් දීමට ශ්‍රී ලංකා ක්‍රීඩ­කයෝ සමත් වූහ. කෙසේ වෙතත් එම වට දෙක පිළි­වෙ­ළින් 25-22ක් සහ 28-26ක් ලෙස ජය ගනි­මින් තර­ගයේ ජය තහ­වුරු කර ගැනී­මට නේපාල ක්‍රීඩ­කයෝ සමත් වූහ. ශ්‍රී ලංකා පිල අද මාල­දි­ව­යි­නට එරෙ­හිව පස්වරු 6.00ට තරග වැදී­මට නිය­මි­තය.

මේ අතර තර­ගා­ව­ලිය ආරම්භ කර­මින් පැවති පළමු තර­ග­යෙන් කිරි­කි­ස්තා­නය වට 3-0කින් පරා­ජය කිරී­මට උස්බෙ­කි­ස්තා­නය සමත් විය. එහි ලකුණු තත්ත්වය වූයේ 25-20, 28-26 සහ 25-10කි.

මධ්‍යම ආසි­යානු වොලි­බෝල් සම්මේ­ල­නයේ ආරා­ධ­නා­ව­කට අනුව ශ්‍රී ලංකා වොලි­බෝල් සම්මේ­ල­නය සංවි­ධාන කරන මේ තර­ගා­ව­ලිය තර­ගා­ව­ලි­යට කණ්ඩා­යම් 6ක් එක්ව සිටින අතර, අද තර­ගා­ව­ලියේ දෙවැනි දින­යයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT