Home » සුදු­සු­කම් ලැබීමේ තර­ගා­ව­ලි­යේදී තුන්වැනි තැනට පත්වී­මෙන් ශ්‍රී ලංකා රග්බි පිලට ලබන වසරේ ආසි­යානු තර­ග­මා­ලාව අහිමි වෙයි

සුදු­සු­කම් ලැබීමේ තර­ගා­ව­ලි­යේදී තුන්වැනි තැනට පත්වී­මෙන් ශ්‍රී ලංකා රග්බි පිලට ලබන වසරේ ආසි­යානු තර­ග­මා­ලාව අහිමි වෙයි

බඳුන ශූර­තාව දිනූ කාන්තා පිල­ටත් සුදු­සු­කම් නෑ

by damith
October 7, 2024 1:19 am 0 comment

ෆවුස් මොහො­මඩ්

නේපා­ල­යේදී සුදු­සු­කම් ලැබීමේ තර­ගා­ව­ලි­යට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා රග්බි පිල තුන්වැනි ස්ථාන­යට පත්වී­මෙන් ලබන වසරේ ආසි­යානු සත් සාමා­ජික රග්බි තර­ග­මා­ලා­වට ඇතු­ළ­ත්වීමේ අව­ස්ථාව ගිලිහී ගියේය. ඒ අනුව 2026 ආසි­යානු සත් සාමා­ජික තර­ගා­ව­ලි­යට එක්වීම සඳහා ලබන වසරේ පැවැ­ත්වෙන සුදු­සු­කම් ලැබීමේ තර­ගා­ව­ලි­යට නැවත ක්‍රීඩා කිරී­මට ශ්‍රී ලංකා­වට සිදු­වනු ඇත. දිගු කාල­යක් පුරා ආසි­යානු සත් සාමා­ජික රග්බි තර­ග­මා­ලාවේ නිත්‍ය කණ්ඩා­ය­මක් බවට පත්වී සිටි ශ්‍රී ලංකා පිලට සුදු­සු­කම් ලැබීමේ තර­ගා­ව­ලි­යට ක්‍රීඩා කිරී­මට සිදු­වූයේ හිටපු ක්‍රීඩා ඇමැ­ති­ව­රුන්ගේ සහ හිටපු රග්බි නිල­ධා­රීන්ගේ ‘කඹ ඇදිල්ල’ හේතු­වෙනි. ශ්‍රී ලංකා පිලට අව­සන් වරට 2022 දී ආසි­යානු තර­ග­මා­ලාවේ දෙවැනි හා තුන්වැනි අදි­යරේ තර­ගා­ව­ලි­යට පම­ණක් තරග කිරී­මට අව­ස්ථාව උදා වූයේ ද පැවැති තත්ත්වය මත ජාතික ඔලි­ම්පික් කමි­ටුවේ ධජය යට­තේය.

කලෙ­කට පසු ජාත්‍ය­න්තර තර­ගා­ව­ලි­ය­කට සහ­භාගි වූ තරින්ද රත්ව­ත්තගේ නාය­ක­ත්ව­යෙන් යුතු ශ්‍රී ලංකා පිල නේපා­ල­යේදී මූලික වටයේ සියලු තරග ද, ඉන්දි­යා­වට එරෙ­හිව අව­සන් පූර්ව තර­ගය ද ජය ­ගැ­නී­මට සමත් වුවත්, ප්‍රබල ක්‍රීඩ­ක­ය­න්ගෙන් සැදු­ම්ලත් පිලි­පී­නය හමුවේ අව­සන් පූර්ව වට­යේදී ලකුණු 19-12කින් පරා­ජ­යට පත්විය. ශ්‍රී ලංකා­වට තුන්වැනි ස්ථානය හිමි­වූයේ උස්බෙ­කි­ස්තා­නය සමඟ පැවැති තර­ග­යෙන් ලකුණු 32-0ක ජයක් වාර්තා කිරී­මෙනි.

මේ අතර පිරිමි තර­ගා­ව­ලි­යට සම­ගා­මීව පැවැති කාන්තා තර­ගා­ව­ලි­යේදී රන්දිකා කුමු­දු­ම­ලීගේ නාය­ක­ත්ව­යෙන් තරග වැදුණු ශ්‍රී ලංකා කාන්තා රග්බි පිල මූලික වට­යේදී එක් තර­ග­යක් පම­ණක් ජය­ගෙන බඳුන ශුර­තාව සඳහා එක්වූ අතර, එහිදී අව­සන් පූර්ව තර­ග­යෙන් නේපා­ල­යත්, අව­සන් තර­ග­යෙන් උස්බෙ­කි­ස්තා­න­යත් පරා­ජය කර­මින් බඳුන ශුර­තාව දිනා ගත්තේ තර­ගා­ව­ලියේ පස්වැනි ස්ථානය අත්කර ගනි­මිනි.

මේ තර­ගා­ව­ලි­යේදී කාන්තා හා පිරිමි දෙඅං­ශ­යෙන්ම කුස­ලාන දිනා­ගත් පිලි­පී­නය ලබන වසරේ ආසි­යානු සත් සාමා­ජික රග්බි තර­ග­මා­ලා­වට සුදු­සු­කම් ලැබූ අතර, ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි දෙඅං­ශ­ය­ටම

2026 ආසි­යානු තරග බිමට එක්වී­මට නම් ලබන වසරේ පැවැ­ත්වෙන සුදු­සු­කම් ලැබීමේ තර­ගා­ව­ලි­යට ක්‍රීඩා කිරී­මට සිදු­වනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT