40
මිහිකත දිනය නිමිති කරගෙන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ සංකල්පයට අනුව “මිහි මවට එක පැළයක්” තේමාව යටතේ හම්බන්තොට ඉක්රා ප්‍රාථමික විද්‍යාලයේ බෝගන්විලා පැළ සිටුවීම හම්බන්තොට ඉන්දියන් කොන්සල් ජනරාල් හර්වින්දර් සිං මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා (03) සිදු විය. ඉන්දියන් කොන්සල් ජනරාල්වරයා බෝගන්විලා පැළ සිටුවීමට එක් වූයේ එම විද්‍යාලයේ විදුහල්පති එම්.ඉසඩ්.එම් ඉර්ෆාන් මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයද සමඟිනි.