Home » ගිලන් රියේ හැපී අයෙක් නසී

ගිලන් රියේ හැපී අයෙක් නසී

by damith
October 7, 2024 1:14 am 0 comment

කෑගල්ල විශේෂ - චමින්ද ජය­ලත්

කොළඹ – මහ­නු­වර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල මොළ­ගොඩ ප්‍රදේ­ශයේ දී ගිලන් රථ­යක ගැටී­මෙන් පුද්ග­ල­යකු මිය­ගොස් ඇතැයි කෑගල්ල පොලි­සිය පව­සයි.

මෙලෙස මිය­ගොස් ඇති පුද්ග­ලයා කවු­රු­න්දැයි මෙතෙක් හඳු­නා­ගෙන නොමැති අතර වයස අවු­රුදු 40ත් 50ත් අතර වයසේ පසු­වන අයකු බවට අනු­මාන කළ හැකි බවද පොලි­සිය කියයි.

අන­තුර සිදු­කළ ගිලන් රථය ජාතික ලේ බැංකු­වට අයත් රථ­යක් බවත් කෑගල්ලේ සිට පේරා­දෙ­ණිය මහ රෝහ­ලට ලේ රැගෙන ගොස් පරී­ක්ෂණ පවත්වා ආපසු රැගෙන එමින් සිටිය දී මොළ­ගොඩ ප්‍රදේ­ශයේ දී මෙම අන­තුර සිදුව ඇති බවත් පොලි­සිය පව­සයි.

ගිලන් රථයේ ගැටුණු පුද්ග­ලයා ප්‍රදේ­ශ­වා­සීන් විසින් ත්‍රිරෝද රථ­ය­කින් කෑගල්ල මහ රෝහ­ලට ඇතු­ළත් කරනු ලැබ තිබු­ණද, ඒ වන විටත් ඔහු මිය­ගාස් තිබූ බවට තොර­තුරු හෙළිවූ බව පොලි­සිය පැව­සීය.

කෑගල්ල වැඩ බලන මූල­ස්ථාන පොලිස් පරී­ක්ෂක ඩබ්ලිව්. පී. වීර­සිංහ, රථ­වා­හන අංශයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක සාගර මාව­ඩ­වි­ලගේ මහ­තාගේ උප­දෙස් පරිදි පොලිස් සැර­යන් ඩයස් (38198) නිල­ධා­රියා විම­ර්ශන සිදු­ක­රයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT