කොළඹ – මහනුවර ප්රධාන මාර්ගයේ කෑගල්ල මොළගොඩ ප්රදේශයේ දී ගිලන් රථයක ගැටීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි කෑගල්ල පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇති පුද්ගලයා කවුරුන්දැයි මෙතෙක් හඳුනාගෙන නොමැති අතර වයස අවුරුදු 40ත් 50ත් අතර වයසේ පසුවන අයකු බවට අනුමාන කළ හැකි බවද පොලිසිය කියයි.
අනතුර සිදුකළ ගිලන් රථය ජාතික ලේ බැංකුවට අයත් රථයක් බවත් කෑගල්ලේ සිට පේරාදෙණිය මහ රෝහලට ලේ රැගෙන ගොස් පරීක්ෂණ පවත්වා ආපසු රැගෙන එමින් සිටිය දී මොළගොඩ ප්රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති බවත් පොලිසිය පවසයි.
ගිලන් රථයේ ගැටුණු පුද්ගලයා ප්රදේශවාසීන් විසින් ත්රිරෝද රථයකින් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කරනු ලැබ තිබුණද, ඒ වන විටත් ඔහු මියගාස් තිබූ බවට තොරතුරු හෙළිවූ බව පොලිසිය පැවසීය.
කෑගල්ල වැඩ බලන මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. පී. වීරසිංහ, රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සාගර මාවඩවිලගේ මහතාගේ උපදෙස් පරිදි පොලිස් සැරයන් ඩයස් (38198) නිලධාරියා විමර්ශන සිදුකරයි.