91
මඩකලපුව, කාත්තාන්කුඩි මුහුදු ප්රදේශයේදී ඊයේ (06) අලුයම එකම දැලකට හුරුල්ලා මාළු කිලෝ 2000ක් පමණ හසුවී තිබේ. මසුන් ඇල්ලීමට ගිය මුහුදු ධීවරයින්ගේ දැල්වලට මෙම මසුන් ප්රමාණය හසු වූ බව ධීවරයෝ පවසති. එකම දැලට හුරුල්ලා මාළු කිලෝග්රෑම් 2000කට වැඩි ප්රමාණයක් හසු වූ පළමු අවස්ථාව මෙය බව ද ධීවරයෝ පැවසූහ.