Sunday, April 20, 2025
Home » තේ හදන්න ගිහින් විදු­ලි­සැර වැදී තරු­ණයා මරුට

තේ හදන්න ගිහින් විදු­ලි­සැර වැදී තරු­ණයා මරුට

by damith
October 7, 2024 1:17 am 0 comment

කොට්ටාව - ප්‍රදීප් කුමාර

අතු­රු­ගි­රිය ජයන්ති පාර ප්‍රදේ­ශයේ ඉදි කර­මින් පව­තින නි‍ෙව­සක කම්ක­රු­වන්ට තේ සෑදී­මට භාවිත කළ හීට­රය අතේ තබා­ගෙන විදු­ලිය සම්බන්ධ කිරීම නිසා

විදු­ලි­සැර වැදුණු කම්ක­රු­වකු බර­ප­තළ තුවාල ලබා රෝහ­ල්ගත කිරී­මෙන් පසු මිය­ගොස් ඇතැයි අතු­රු­ගි­රිය පොලි­සිය පව­සයි.

මර­ණ­කරු මුලින්ම අතු­රු­ගි­රිය දිසා රෝහ­ලට ඇතු­ළත් කර ඇති අතර, වැඩි­දුර ප්‍රති­කාර සඳහා හෝමා­ගම මූලික රෝහ­ලට ඇතු­ළත් කිරී­මෙන් පසුව මෙසේ මර­ණ­යට පත්ව ඇතැයි ද පොලි­සිය කියයි.

මෙසේ මිය­ගොස් ඇත්තේ දෙහි­අ­ත්ත­ක­ණ්ඩිය, දම­නේ­වෙල, වෑබ­ඩ­ගම පදිංචි පත්තිගේ විශ්මිත චමෝද් ප්‍රීතික ප්‍රනාන්දු නමැති 19 හැවි­රිදි අවි­වා­හ­ක­යකු බව පොලි­සිය පව­සයි.

මෙම පුද්ග­ලයා සිය සහෝ­ද­රයා සමඟ අතු­රු­ගි­රිය ජයන්ති පාර ප්‍රදේ­ශයේ ඉදි­ක­ර­මින් පව­තින නි‍ෙව­සක කම්ක­රු­වන් ලෙස පැමිණ තවත් පුද්ග­ල­යින් සිව් දෙනෙකු සමඟ වැඩ කර­මින් සිට තිබේ. මේ අත­ර­තු­රදී සේව­ක­යින්ට තේ සෑදීම සඳහා මොහු මුළු­තැ­න්ගෙට ගොස් තිබූ අතර ඉන් සුළු වේලා­ව­කට පසුව Òබුදු අම්මෝ Ò යනු­වෙන් කෑග­සන ශබ්ද­යක් ඇසී තිබේ.

ඒ අනුව ශබ්දය ඇසුණු පුද්ග­ලයා එම ස්ථාන­යට ගොස් බලද්දී හීට­රය අතැ­තිව

විදු­ලි­සැර වැදී වෙවු­ල­මින් සිටි මර­ණ­ක­රුව අනෙක් අය­ගේද සහාය ඇතිව රෝහ­ල්ගත කර තිබේ.

එම ස්ථානයේ සිදු­කළ ස්ථානීය පරී­ක්ෂා­වට අනුව අන­තුර සිදුවූ නි‍ෙවසේ ප්‍රධාන ස්විච­යක් (main swich) සවි­කර නොති­බීම, ඉගි ස්වීචය (Trip swich) අක්‍රිය වී තිබීම, වායු කම්බි­යක් සවි කර නොති­බීම (Air wire), හා අනා­ර­ක්ෂිත ලෙස විදු­ලි­යන් ඇද තිබීම යන කරුණු අනා­ව­ර­ණය වූ බවට වාර්තා වී තිබේ.

මිය­ගිය පුද්ග­ල­යාගේ මෘත දේහය පිළි­බඳ හදිසි මරණ පරී­ක්ෂ­ණය හෝමා­ගම හදිසි මරණ පරී­ක්ෂක චින්තක උදය කුමාර සහ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය හෝමා­ගම මූලික රෝහලේ විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරී පනීත සෙනෙ­වි­රත්න යන මහ­ත්ව­රුන් සිදු­ක­රන ලදි.

එහිදී ඉදි­රි­පත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරී­ක්ෂණ වෛද්‍ය වාර්තා­වට අනුව අනා­ර­ක්ෂිත විදුලි රැහැ­න­කින් හීට­ර­යක ආධා­ර­යෙන් ජලය රත් කිරී­මට යාමේදී ඉන් විදු­ලි­සැර වැදී සිදුවූ හදිසි අන­තුරු මර­ණ­යක් බවට තීර­ණය කර ඇත.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් අතු­රු­ගි­රිය පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක සාරද ප්‍රනාන්දු මහ­තාගේ උප­දෙස් මත පො.කො (102008) මධු­ශංක නිල­ධා­රියා විසින් ‍ෙමහෙ­ය­වනු ලැබීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT