අතුරුගිරිය ජයන්ති පාර ප්‍රදේශයේ ඉදි කරමින් පවතින නිෙවසක කම්කරුවන්ට තේ සෑදීමට භාවිත කළ හීටරය අතේ තබාගෙන විදුලිය සම්බන්ධ කිරීම නිසා
විදුලිසැර වැදුණු කම්කරුවකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි.
මරණකරු මුලින්ම අතුරුගිරිය දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මෙසේ මරණයට පත්ව ඇතැයි ද පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය, දමනේවෙල, වෑබඩගම පදිංචි පත්තිගේ විශ්මිත චමෝද් ප්‍රීතික ප්‍රනාන්දු නමැති 19 හැවිරිදි අවිවාහකයකු බව පොලිසිය පවසයි.
මෙම පුද්ගලයා සිය සහෝදරයා සමඟ අතුරුගිරිය ජයන්ති පාර ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිෙවසක කම්කරුවන් ලෙස පැමිණ තවත් පුද්ගලයින් සිව් දෙනෙකු සමඟ වැඩ කරමින් සිට තිබේ. මේ අතරතුරදී සේවකයින්ට තේ සෑදීම සඳහා මොහු මුළුතැන්ගෙට ගොස් තිබූ අතර ඉන් සුළු වේලාවකට පසුව Òබුදු අම්මෝ Ò යනුවෙන් කෑගසන ශබ්දයක් ඇසී තිබේ.
ඒ අනුව ශබ්දය ඇසුණු පුද්ගලයා එම ස්ථානයට ගොස් බලද්දී හීටරය අතැතිව
විදුලිසැර වැදී වෙවුලමින් සිටි මරණකරුව අනෙක් අයගේද සහාය ඇතිව රෝහල්ගත කර තිබේ.
එම ස්ථානයේ සිදුකළ ස්ථානීය පරීක්ෂාවට අනුව අනතුර සිදුවූ නිෙවසේ ප්‍රධාන ස්විචයක් (main swich) සවිකර නොතිබීම, ඉගි ස්වීචය (Trip swich) අක්‍රිය වී තිබීම, වායු කම්බියක් සවි කර නොතිබීම (Air wire), හා අනාරක්ෂිත ලෙස විදුලියන් ඇද තිබීම යන කරුණු අනාවරණය වූ බවට වාර්තා වී තිබේ.
මියගිය පුද්ගලයාගේ මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක චින්තක උදය කුමාර සහ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී පනීත සෙනෙවිරත්න යන මහත්වරුන් සිදුකරන ලදි.
එහිදී ඉදිරිපත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාවට අනුව අනාරක්ෂිත විදුලි රැහැනකින් හීටරයක ආධාරයෙන් ජලය රත් කිරීමට යාමේදී ඉන් විදුලිසැර වැදී සිදුවූ හදිසි අනතුරු මරණයක් බවට තීරණය කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරද ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත පො.කො (102008) මධුශංක නිලධාරියා විසින් ෙමහෙයවනු ලැබීය.