Home » මල් ගොවි­පො­ළක් මුවා­වෙන් කසිප්පු ස්කාගා­ර­යක් හදලා

මල් ගොවි­පො­ළක් මුවා­වෙන් කසිප්පු ස්කාගා­ර­යක් හදලා

සැකකරුවෝ දෙකක් දැලේ

by damith
October 7, 2024 1:19 am 0 comment

පුත්ත­ලම දිසා සමූහ - ප්‍රසාද් පූර්ණ­මාල් සහ මාර­විල සමූහ - මිහිර විජේ­සේ­කර

ඕකිඩ් මල් වගා­වක් කර­ගෙන යන මුවා­වෙන් මහා පරි­මාණ නීති විරෝධී මත්පැන් නිෂ්පා­ද­නා­ගා­ර­යක් පව­ත්වා­ගෙ­න­ගිය දෙදෙ­නකු මත්පැන් සහ උප­ක­රණ තොග­යක් සමඟ අත්අ­ඩං­ගු­වට ගත් බව දංකො­ටුව පොලි­සිය පව­සයි. දංකො­ටුව, මෝරු­ක්කු­ලිය ප්‍රදේ­ශයේ පව­ත්වා­ගෙන ගොස් ඇති මෙම නීති­වි­රෝධී මත්පැන් නිෂ්පා­ද­නා­ගා­රයේ මත්පැන් පෙරීම සඳහා ජල ටැංකි හා ජල නළ යොදා­ගෙන තිබීම විශේෂ බව පොලි­සිය කියයි.

කිසිදු පුද්ග­ල­ය­කුට සැක නොසි­තෙන අයු­රින් සැල­කිය යුතු කාල­යක් මෙය පව­ත්වා­ගෙන ගොස් ඇති බව පොලි­සිය සඳ­හන් කරයි. මල් වගාව සඳහා ජලය ලබා ගන්නා අයු­රින් මේ මෙහෙ­යුම් පද්ධ­තිය සකස් කර තිබී ඇති අතර, මේ ස්ථානයේ තිබී මත්පැන් පෙරීම සඳහා භාවිත කරන ගෝඩා මිලි ලීටර් හත­ළිස් හත් ලක්ෂ­ය­කට ආසන්න ප්‍රමා­ණ­යක්, නීති විරෝධී මත්පැන් මිලි ලීටර් එක්ලක්ෂ තිස් පන්ද­හ­සක් හා පෙරුම් උප­ක­රණ විශාල ප්‍රමා­ණ­යක් අත්අ­ඩං­ගු­වට ගත් බව පොලි­සිය කියයි.

හලා­වත කොට්ඨාස වැඩ බලන පොලිස් අධි­කාරි ධම්මික හපු­ගොඩ මහ­තාගේ උප­දෙස් පරිදි නාත්ත­න්ඩිය සහ­කාර පොලිස් අධි­කාරි එස්.ඩී. ආර් ජය­රත්න මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් දංකො­ටුව පොලිස් ස්ථානා­ධි­පති ශිරාන් පෙරේරා, උප පොලිස් පරී­ක්ෂක සමන් සිල්වා, පොලිස් සැර­ය­න්ව­රුන් වන (22348) දේශ­ප්‍රිය, (63173) පද්ම­සිරි, (99339) හපු­ආ­රච්චි, පොලිස් කොස්තා­ප­ල්ව­රුන් වන (24182) දස­නා­යක, (102569) බණ්ඩාර, (102893) පැතුම් යන නිල­ධා­රීහු මෙම වැට­ලී­මට සහ­භාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT