Monday, April 21, 2025
Home » ජයපති රංගායතනයේ කලඑළි මංගල්‍යයත් මෙවරත් උත්කර්ෂවත්ව

ජයපති රංගායතනයේ කලඑළි මංගල්‍යයත් මෙවරත් උත්කර්ෂවත්ව

by yasara
October 7, 2024 2:30 pm 0 comment

ජයපති රංගායතනය සය වන වරටත් පවත්වනු ලබන කලඑළි මංගල්‍යය මෙවරත් උත්සවාකර්ෂයෙන් එළඹෙන ඔක්තෝම්බර්  10 වෙන බ්‍රහස්පතින්දා දින මත්තෙගොඩ කුඩමදූව පුරාණ විහාරස්ථානයේ දී උදෑසන 6 ට පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර තිබෙයි.

දූ දරුවන් 39 දෙනෙකු වසර දෙකක කාලයක් පුරා සිදුකළ පුහුණුවීම් අවසානයේ උඩරට නර්තන ශිල්පීන් ලෙස හිස වෙස් හා පායින් පත් පැළඳවීමේ මෙහිදී සිදු කෙරේ.

මෙම අවස්ථාව සඳහා දිවයිනේ දක්ෂ නර්තන ගුරුවරුන් කිහිප දෙනෙකු සහභාගි වීමට ද නියමිතය.

මේ අතර ආචාර්ය රවිබන්දු විද්‍යාපති , ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය යොහාන් පුංචිනිලමේ , ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉමාශා මදුරසිංහ වැනි ප්‍රවීණයන් සිටින බව ආශිර්වාදය කලායතනාධිපති ජයම්පති බණ්ඩාර මහතා අවධාරණය කරයි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT