Home » මිලි­යන තුනක් ඡන්ද අයි­ති­යට පයින් ගහද්දී අතින් තෙල් ගහ­ගෙන ඡද්දෙ දාන්න බෝට්ටු­ව­ලින් එන කල්පි­ටියේ දූපත් වැසියෝ

මිලි­යන තුනක් ඡන්ද අයි­ති­යට පයින් ගහද්දී අතින් තෙල් ගහ­ගෙන ඡද්දෙ දාන්න බෝට්ටු­ව­ලින් එන කල්පි­ටියේ දූපත් වැසියෝ

by damith
October 7, 2024 1:02 am 0 comment

පුත්ත­ලම අති­රේක - හිරාන් ප්‍රියං­කර ජය­සිංහ
ඡන්දය දැමී­මට ධීවර බෝට්ටු­ව­ලින් මොහො­ත්තු­වා­රම දූප­තට එන පිරිස්
පුත්ත­ලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී. හේරත්

පුත්ත­ලම දිස්ත්‍රික් ලේකම්
එච්.එම්.එස්.පී. හේරත්

ඡන්දය යනු රටක පුර­වැ­සි­යකු සතු බල­ගතු අවි­යකි. ඒ අවිය ක්‍රියා­ත්මක කිරී­මෙන් රටක බලය පවරා දිය යුත්තේ කාට­දැයි ඔවුන්ට තීර­ණය කළ හැකිය. ශ්‍රී ලාංකික ඡන්ද දාය­ක­යන්ට තම නිවෙස ආස­න්න­යේම පිහිටි ඡන්ද මධ්‍ය­ස්ථා­න­ය­කදී තම අයි­තිය භාවිත කිරී­මට සියලු පහ­සු­කම් සලසා දීමට මැති­වර්ණ කොමි­සම ප්‍රමුඛ ආය­තන කට­යුතු කර ඇත්තේ මේ සුවි­ශේෂ හිමි­කමේ වටි­නා­ක­මට නිසි තැන දෙමිනි. එලෙස පහ­සු­කම් සලසා තිබි­ය­දීත් තම වටිනා ඡන්දය භාවිත කිරී­මට උන­න්දු­වක් නොද­ක්වන මිලි­යන තුන­කට අධික ඡන්ද දාය­ක­යන් පිරි­සක් අප රටේ වෙසෙන පසු­බි­මක අප මෙහිදී කථා කරන්න යන ඡන්ද දාය­කයා විශේ­ෂිත පිරි­සකි. ඔවුහු පුත්ත­ලම දිස්ත්‍රි­ක්කයේ කල්පි­ටිය අර්ධ­ද්වී­පයේ දූපත් වළල්ල තුළ ධීවර රැකි­යාවේ නිරත වී සිටින පිරි­සකි.

කල්පි­ටිය අර්ධ­ද්වී­ප­යට අයත් දූපත් 14 අතු­රින් පල්ලි­ය­වත්ත, උච්ච­මුණේ, බත්ත­ල­න්ගු­ණ්ඩුව, රෝද­පා­ඩුව, කිරි­මු­න්ද­ලම, මෙහො­ත්තු­වා­රම යන දූපත් හයේ ස්ථිර ලෙස පදිංචි ධීව­ර­යන් 904 දෙන­කුට තම ඡන්ද අයි­තිය හිමිව ඇති අතර, ඔවුන් තම ඡන්දය භාවිත කිරී­මට ඔවුන්ගේ විය­ද­මින් ඉන්ධන යොදා­ග­නි­මින් තම ධීවර යාත්‍රා මඟින් මොහො­ත්තු­වා­රම දූප­තට මෙලෙස පැමි­ණීම දශක් කිහි­ප­යක් තිස්සේ සිදු වන්නකි. තම දරු­වන්ද කර­පි­න්නා­ග­නි­මින් මේ ඡන්ද දාය­ක­යන් මෙලෙස ධීවර යාත්‍රා­ව­ලින් පැමි­ණීම අප කැමරා කාච­ව­ලද සට­හන් වූයේ එහි සුවි­ශේ­ෂ­ත්වය රට හමුවේ තැබීම අත්‍ය­ව­ශ්‍යම කරු­ණක් වන බැවිනි.

දරු­වන්ද කර­පි­න්නා­ගෙන ඡන්දය දැමී­මට පැමිණි මවක්

දරු­වන්ද කර­පි­න්නා­ගෙන
ඡන්දය දැමී­මට පැමිණි මවක්

රුපි­යල් 5000කට වැඩි මුද­ලක් වැය කර­මින් උච්ච­මුණේ දූපතේ සිට ඡන්දය භාවිත කර­න්නට මෙහො­ත්තු­වා­ර­මට පැමිණි සුජිත් කුමාර මහතා මෙලෙස පව­ස­න්නට විය:

“අපි හැම ඡන්ද­ය­ක­ටම උච්ච­මුණේ සිට මොහො­ත්තු­වා­රම දූප­තට ඡන්දය දාන්න එනවා. තෙල් මිල වැඩි නිසා දැන් නම් රුපි­යල් 5000කට වැඩි ඉන්ධන විය­ද­මක් වැය වනවා. ඒත් එය අපි ලොකු දෙයක් කියලා හිතන්නේ නැතිව ඡන්දය දීලා යන්න එන්නේ ඡන්ද­යක වටි­නා­මක දන්න නිසා.”

උච්ච­මුණේ දූපතේ සිට මොහො­ත්තු­වාර දූප­තට පැමිණි දෙදරු මවක වන ඩබ්. කෝලින් මහ­ත්මිය:

“ඡන්දය කියන්නේ මිනි­ස්සුන්ගේ අයි­ති­යක්. ඒ අයි­තිය අපි හැම අව­ස්ථා­ව­ක­දීම භාවිත කරන්න ඕනෑ. ඒ නිසාම තමයි අපි අපේ විය­ද­මින් ඇවිත් ඡන්දය භාවිත කරන්න කට­යුතු කළේ. සම­හරු ඡන්ද පොළට ඇවිත් එය කුරුටු ගානවා. එය අප­රා­ධ­යක්. මොකද ඡන්ද­යක වටි­නා­කම නොදන්න නිසා තමයි මේ දෙය කරන්නේ. ඒ නිසා තමයි අපි අපේ දව­සත්, මුද­ලුත් විය­දම් කරලා නිවැ­රදි ලෙස ඡන්දය භාවිත කරන්නේ.”

බත්ත­ල­න්ගු­ණ්ඩුව දූපතේ සිට ධීවර යාත්‍රා­ව­ලින් මොහො­ත්තු­වා­රම දූප­තට පැමිණි එන්. නීලා මහ­ත්මිය:

“අපි හැම­දාම ලොකු මුද­ලක් විය­දම් කර­ගෙන තමා ඡන්දය දාන්න එන්නේ. අපිම සල්ලි දාලා බෝට්ටු­ව­ලින් එන්නේ. අපි කාට ඡන්දේ දුන්නත් ඡන්දෙන් පස්සේ කාට­වත් අපිව මතක නැහැ. ආයෙත් අපිව මතක් වෙන්නේ ඡන්ද­ය­කදි විත­රයි. මේ නිසා අපි ගැන මෙයට වඩා හිතන්න කියලා හැම කෙනා­ටම කිය­නවා.”

දූප­ත්වා­සීන්ට ඡන්දය පළ කිරීම සඳහා සලසා ඇති පහ­සු­කම් සම්බ­න්ධ­යෙන් අද­හස් දක්ව­මින් පුත්ත­ලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී. හේරත් මහතා පළ කළේ මෙවන් අද­හ­සකි:

මොහො­ත්තු­වා­රම දූපතේ පාසලේ පිහිටි ඡන්ද මධ්‍ය­ස්ථා­නය

මොහො­ත්තු­වා­රම දූපතේ පාසලේ පිහිටි ඡන්ද මධ්‍ය­ස්ථා­නය

“දූප­ත්වල ස්ථිර පදිං­චි­ක­රු­වන් සඳහා ජන්ද මධ්‍ය­ස්ථා­නය ලෙස මොහො­ත්තු­වා­රම දූපතේ පිහිටි පාසල ඡන්ද මධ්‍ය­ස්ථා­නය ලෙස භාවිත කර­නවා. ඒ ස්ථාන­යට පැමි­ණී­මට දූප­ත්වා­සීන්ට අපි ට්‍රැක්ටර් හා නාවික හමු­දාව මැදි­හත් වී යාත්‍රා යෙද­වි­මට කට­යුතු කර තිබේ­නවා. ඒත් මේ ස්ථානයේ ඡන්ද හිමි­යන් 904කට අප පහ­සු­කම් යෙද­වු­වත් ඒ අයගේ ධීවර යාත්‍රා­ව­ලින් පැමි­ණී­මට පුරුදු වෙලා තිබෙ­නවා. ඇත්ත­ටම මේ ඡන්ද මධ්‍ය­ස්ථා­නයේ ඡන්දය භාවිත වීම ඉතා හොඳ තත්ත්ව­යක පව­තින මධ්‍ය­ස්ථා­න­යක්. අත ළඟ ඡන්ද මධ්‍ය­ස්ථාන තිබෙන ඡන්ද දාය­ක­යන් ඡන්දය භාවිත කිරීම අඩු වෙද්දී මේ දූප­ත්වා­සීන් තම ඡන්ද­යට දක්වන උන­න්දුව ඉතා වැද­ගත් තත්ව­යක්.”

සැබ­වින්ම මේ දූප­ත්වා­සීන් ඡන්දයේ වටි­නා­කම පෙන්ව­මින් ඡන්දය භාවිත කිරී­මට දක්වන කැමැත්ත හාා උන­න්දුව සුවි­ශේ­ෂය. මේ ජන­තාව රටට අවශ්‍ය මත්ස්‍ය සම්පත සපයා දීමට මහත් වෙහෙ­සක් ගන්නා පිරි­සකි. එවන් වට­පි­ටා­වක බල­ධා­රීන් මේ ජන­තාව වෙත වරක් නොව දෙව­රක් තම අව­ධා­නය යොමු කළ යුතුව තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT