පස්සර පුද්ගලික විදුලි බලාගාර භූමියක තිබී අනන්‍යතාව තහවුරු කිරීමට නොහැකි වූ ටෝයෝටා ලැන්ඩ්කෘෂර් ප්‍රාඩෝ ටීඑක්ස් වර්ගයේ ජීප් රථයක් බදුල්ල කොට්ඨාස විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ(05) දින අත්අඩංගුවට ගෙන ඇත. මෙම රථයේ වටිනාකම රුපියල් කෝටි හතරකට වඩා වැඩි යැයිද පොලිසිය විශ්වාස කරයි. එම රථයේ සවිකර තිබූ අංක තහඩුව හා වාහනයේ චැසි අංකය පරීක්ෂා කිරීමේදී එකිනෙකට නොගැළපීම මත සිදුකරන ලද පරීක්ෂාවකදී එම අංක තහඩුව උතුරු පළාතේ ලියාපදිංචි කරන ලද ටාටා නැනෝ වර්ගයේ කාර් රථයකට අයත් එකක් බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඒ අනුව මෙම රථය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන ලද රථයක්ද යන්න හා එහි අයිතිකරු කවුද යන්න පිළිබඳ සොයා බැලීමට ශ්‍රී ලංකා රේගුව, රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව හා මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව ද පොලිසිය සඳහන් කළේය.
අධ්යක්ෂවරයෙක් විසින් දමාගොස් ඇති බව කියන මෙම රථය මාස 04ක් තිස්සේ විදුලිබලාගාර භූමියේ තිබී ඇති බවත් මෙම රථය දේශපාලනඥයකුගේ මස්සිනාකෙනකුට අයත් එකක් බවට ඇති තොරතුරක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත්වෙදමුල්ල, බදුල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත, පොලිස් අධිකාරි බුද්ධික ගුණසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චානක චිරංජිව විජෙරත්න මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මේ පිළිබඳ වැඩිදුරටත් විමර්ශන වැටලීම සිදුකරන බව ද පොලිසිය පැවැසීය.