Home » රාජ්‍ය බුද්ධි ප්‍රධානී DIG ධම්මික අද වැඩ භාර ගනී

රාජ්‍ය බුද්ධි ප්‍රධානී DIG ධම්මික අද වැඩ භාර ගනී

by damith
October 7, 2024 1:14 am 0 comment

ගයාන් කුමාර වීර­සිංහ

රාජ්‍ය බුද්ධි සේවයේ නව ප්‍රධා­නියා ලෙස නියෝජ්‍ය පොලි­ස්පති ධම්මික ප්‍රියන්ත මහ­තාව පත්කර ඇත. ඒ මහතා නව තන­තුරේ අද (07) දිනයේ වැඩ භාර ගැනී­මට නිය­මිත ය.

මෙතෙක් මෙම තන­තුරේ සේවයේ නිරත මේජර් ජෙන­රාල් සුරේෂ් සලෙයි මහතා හමුදා සේව­යෙන් විශ්‍රාම ගෙන ඇති බව සඳ­හන්ය. ඔහු විශ්‍රාම ගෙන ඇත්තේ නියෝජ්‍ය පොලි­ස්පති ධම්මික ප්‍රියන්ත මහ­තාගේ පත්වී­මත් සම­ඟිනි. ධම්මික ප්‍රියන්ත මහතා කළු­තර මධ්‍ය විද්‍යා­ල­යෙන් ද්විතියීක අධ්‍යා­ප­නය හදාරා ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ල­යට ඇතු­ළත්ව උපා­ධි­ධා­රි­යකු ලෙස ශ්‍රී ලංකා පොලි­සි­යට ආධු­නික සහ­කාර පොලිස් අධි­කා­රි­ව­ර­යෙක් ලෙස එක්වූ අයෙකි.

2021 වසරේ පෙබ­ර­වාරි 14 වැනිදා ඔහු සමඟ ආධු­නික සහ­කාර පොලිස් අධි­කා­රී­ව­රුන් ලෙස ශ්‍රි ලංකා පොලි­සි­යට බද­වා­ගත් නිල­ධා­රීන් ගණන 15කි. ඒ අතර සිටි ලක්ෂ්මන් කුරේ නමැති නිල­ධා­රියා බන්ධ­නා­ගා­ර­ග­තව සිටියි. ආධු­නික සහ­කාර පොලිස් අධි­කා­රි­ව­රුන් ලෙස ධම්මික ප්‍රියන්ත සමඟ පොලිස් සේව­යට එක්වූ සෙසු නිල­ධා­රීන් අත­රින් පස් දෙනෙක් මේ වන විට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රුන්ය. ඒ පොලිස් විශේෂ කාර්ය බළකා සේනා­වි­ධා­යක වරුණ ජය­සු­න්දර, මැති­ව­රණ අංශය භාර පොලිස් ප්‍රධානි අසංක කර­විට සහ දකුණු පළාත් භාර පොලිස් ප්‍රධානි මහේෂ් සේනා­රත්න, උතුරු පළාත් භාර පොලිස් ප්‍රධානි තිලක් ධන­පාල සහ ඌව පළා­ත්භාර පොලිස් ප්‍රධානි දිනේෂ් කරු­ණා­නා­යක යන නිල­ධා­රීන්ය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති ධුර­යට උස­ස්වීම් ලැබී­මට සුදු­සු­කම් ලබා සිටින නිල­ධා­රි­යකු වන ධම්මික ප්‍රියන්ත මහතා දිව­යිනේ බොහෝ ප්‍රදේ­ශ­ව­ලත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වේත් මූල්‍ය අප­රාධ විම­ර්ශන කොට්ඨා­ස­යේත් සේවයේ නිර­තව සිටි නමක් දිනා සිටින දක්ෂ නිල­ධා­රි­යෙකි.

සමාජ විද්‍යාව පිළි­බඳ පශ්චාත් උපාධි ඩිප්ලෝ­මාව ද, අප­රාධ විද්‍යාව පිළි­බඳ ශාස්ත්‍ර­පති උපා­ධිය ද, ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ල­යෙන් ලබා­ගෙන ඇති ධම්මික ප්‍රියන්ත මහතා බණ්ඩා­ර­නා­යක ජාත්‍ය­න්තර ඇක­ඩ­මි­යෙන් ජාත්‍ය­න්තර සම්බ­න්ධතා පශ්චාත් උපාඩි ඩිප්ලෝ­මාව ද හදාරා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT