Wednesday, April 23, 2025
Home » ඊශ්‍රා­ය­ල­යට ප්‍රහාර එල්ල කළ අණ­දෙන නිල­ධා­රි­යාට අය­තුල්ලා කමේ­නි­ගෙන් වීර පද­ක්ක­මක්

ඊශ්‍රා­ය­ල­යට ප්‍රහාර එල්ල කළ අණ­දෙන නිල­ධා­රි­යාට අය­තුල්ලා කමේ­නි­ගෙන් වීර පද­ක්ක­මක්

by damith
October 7, 2024 1:14 am 0 comment

ඊශ්‍රා­ය­ලය ඉලක්ක කර­මින් පසු­ගිය සතියේ බැලැ­ස්ටික් ප්‍රහා­ර­යක් එල්ල කළ ඉරාන විප්ල­වීය හමු­දාවේ ගුවන් මෙහෙ­යුම් ඒක­කයේ අණ­දෙන නිල­ධා­රි­යාට ඉරාන අධ්‍යා­ත්මික නායක අය­තුල්ලා අලි කමේනි ඉහ­ළම ගෞරව පද­ක්කම පිරි­නමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එරට ඉහ­ළම මට්ටමේ හමුදා නාය­ක­යන්ගේ සහ­භා­ගී­ත්ව­යෙන් පද­ක්කම් පැල­ඳ­වීමේ උත්ස­ව­යක් පවත්වා ඇති බවත්, එහිදී ඉරාන විප්ල­වීය හමු­දාවේ ගුවන් මෙහෙ­යුම් ඒක­කයේ අණ­දෙන නිල­ධාරි අමිර් අලි හජි­ස­ඩේට එම පද­ක්කම පිරි­නැමූ බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. අසූව දශ­කයේ පැවැති ඉරාන – ඉරාක යුද්ධය අත­ර­තුර ආරම්භ කළ වීර පද­ක්කම් පිරි­නැ­මීමේ උත්ස­වය මෙවර පවත්වා ඇත්තේ වසර ගණ­නා­ව­කට පසුව බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT