Home » ඊශ්‍රා­ය­ලය සටන් වදින්නේ සතුරු බල­වේග 7කට එරෙ­හි­වයි

ඊශ්‍රා­ය­ලය සටන් වදින්නේ සතුරු බල­වේග 7කට එරෙ­හි­වයි

අග­මැති බෙන්ජ­මින් නෙත­න්යාහු කියයි

by damith
October 7, 2024 1:19 am 0 comment

හමාස් සංවි­ධා­නය ඊශ්‍රා­ය­ලය ආක්‍ර­ම­ණය කිරී­මෙන් වස­රක් ගත­වෙද්දී සිය හමු­දාව ප්‍රති­වාදී සංවි­ධාන හා රට­වල් 7ක් සමඟ සටන් වදි­මින් සිටින බව එරට අග­මැති බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. මේ වන විට ඊශ්‍රා­ය­ල­යට සිය භූමිය ආරක්ෂා කර­ගැ­නීම සඳහා සතුරු බල­වේග 7කට එරෙ­හිව සටන් වැදී­මට සිදුවී ඇතැයි ද, උතු­රෙන් ඉරාන හිත­වාදී හෙස්බුල්ලා සංවි­ධා­න­යත්, ගාසා තීරයේ හමාස් සංවි­ධා­න­යත් යේම­නයේ හවුති සංවි­ධා­න­යත් ත්‍රස්ත ප්‍රහාර එල්ල කරද්දී බට­හිර ඉවුරේ සහ ඉරා­කය, සිරි­යාව ඇතුළු රට­වල ෂියා සන්නද්ධ කණ්ඩා­යම් සම­ඟත් සටන් කිරී­මට සිදුවී ඇතැයි ද ඊශ්‍රා­යල අග­මැ­ති­ව­රයා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඊට අම­ත­රව ඉරා­නය සමඟ ද යුද ගැටු­ම්ව­ලට මං විවර වී ඇති බවත්, ඊශ්‍රා­ය­ලය ඉලක්ක කර­මින් ඉරා­නය පසු­ගි­යදා එල්ල කළ බැලැ­ස්ටික් මිස­යිල ප්‍රහා­රය ඊශ්‍රා­ය­ල­යට 7 වැනි සතුරු බල­වේ­ග­යට ද මුහුණ දීමට සිදුවී ඇති බවත් බෙන්ජ­මින් නෙත­න්යාහු සඳ­හන් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT